බලපත්ර කොන්දේසි උල්ලංඝනය කරමින් බෝට්ටුවකින් ගොඩබිමට රැගෙන එමින් තිබූ මුහුදු බෙල්ලන් කිලෝ ග්රෑම් 1342 ක් සමග සැකකරුවෙකුව කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 15 වැනිදා පෙරවරුවේ කල්පිටිය – තොරඅඩිය ප්රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.
පොලිස් විශේෂ කාර්යංශයේ කල්පිටිය ඒකකයේ නිලධාරියෙකුට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
මුහුදු බෙල්ලන් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කල්පිටිය ප්රදේශයේම පදිංචි ධීවරයෙකු බවට හදුනා ගෙන ඇත. මුහුදු බෙල්ලන් තොගය පොහොර උර වල බහා තිබී ඇත.ඒවා ගොඩ බිමට ගෙන ආ පසුව ලොරියකින් වාරියපොල ප්රදේශයට රැගෙන යාමට නියමිතව තිබූ බව අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත. සැකකරු මුහුදු බෙල්ලන් ප්රවාහනයට යොදා ගත් බෝටුටව සහ බෝට්ටු ඇන්ජිමද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු කල්පිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජුඩ් සමන්ත.