ඊයේ (05) වනදා මසුන් මැරීම සදහා කල්පිටිය කලපුවේ එලා තිබූ “තහනම් කූඩු දැල්” 37 ක් තම බාරයට ගැනීමට පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලයේ නිලධාරීන් කටයුතු කරන ලදි.
නාවුක හමුදාවේ නොරචෝලේ අණු ඛණ්ඩයේ නිලධාරීන් සහ ප්රදේශයේ ධීවර සමිති සාමාජිකයින්ගේ සහායද මෙම මෙහෙයුම සදහා ලැබී තිබුණි.
කලපු වල සහ කරදිය මිශ්ර ජලය ඇති කිවුල් ඇල මාර්ග වල කූඩු දැල් යොදා ගනිමින් මසුන් මැරීම තවමත් සිදු වෙමින් පවතී.මෙම තත්ත්වය නිසා සිදු වන්නේ එම කලපු සහ කිවුල් දිය ඇල මාර්ග වල ජීවත් වන කුඩා මසුන් මිය යාමත්,එම හේතුව නිසා අනාගතයේදී එම කලපු සහ ඇල මාර්ග මසුන්ගෙන් තොර ප්රදේශ බවට පත්වීමත් බව ධීවර නිලධාරීන් සදහන් කරයි.මෙම තත්ත්වය නිසා ඇතැම් කලපු මේ වන විට “මල කලපු”(Flower Lagoon) බවට පත්ව ඇති බව ධීවර නිලධාරීන් පවසයි. එබැවින් මෙම වර්ගයේ දැල් ආම්පන්න තහනම් කිරීමට ධීවර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඡායා – ජූඩ් සමන්ත