Saturday, November 23, 2024

කුලියාපිටිය ශිල්ප ශාලිකාවේ සෙවනට වවා තිබු ගස් කපා දමයි

Must read

spoet 3
වසර ගණනාවක සිට කුලියාපිටියට ශිල්ප ශාළිකා ක්‍රිඩා සංකීරණය වටා සෙවන දීම පිණිස වවා තිබු වටිනා වටිනා ගස් කප්පාදු කර එම ගස් විනාශ කිරිමට බලධාරින් උපක්‍රමශිලිව පියවර ගැනීම නිසා එම ගස් මගින් ලද සිසිල් සෙවන ලබා ගැනීම මේ වන විටත් නොහැකිවි ඇති බව ක්‍රිඩක ක්‍රීඩිකාවන් මෙන්ම පරිසර වේදින්ද පෙන්වා දෙති.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය වශයෙන් කටයුතු කළ කාලයේ දි දිවයිනේ පළාත් හයක මෙවන් ශිල්ප ශළිකා ක්‍රීඩා සංකීර්ණ හයක් දිවයිනේ තෝරා පළාත් හයක ඉදි කරණු ලැබීය. එම සංකීර්ණ වලින් පහක් මේ වන විට නිසි නඩත්තුවක් නොමැති නිසා අභායට ගොස් ඇති අතර 2005 වසරේ දි එසේ පිහිට වු එම ක්‍රීඩා සංකර්ණය මෙම කුලියාපිටියේ ශීල්ප ශාළිකා සංකීර්ණය බවත් කියති.
වයඹ පළාතේ සංකීර්ණය මගින් වයඹ පළාතේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඔප් නංවා ගැනීමට අමිල පන්නරයක් ලද බවත් කියති.
පළාතේ ජවන හා පිටිය මලල ක්‍රිඩා තරග පවා මෙහි ඇති ක්‍රිඩා පිටියේ පවත්වනු ලබන අතර පුහුණු කටයුතු ද මෙහිදිම සිදු කරණු ලබති.
විශේෂයෙන්ම එම කටයුතු වලට එක්විමට එන ක්‍රිඩක ක්‍රීඩිකාවන් ගිමන් හරිනුයේ පිටෙ වටා ඇති විවිධ තුරු සෙවනේ සිටිමිනි.
මෙම භුමිය තුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් වරයා යටතේ පවතිනු ලබන අතර ශීල්ප ශාළිකා පරිශ්‍රය ඉදි කර ඇත්තේ ක්‍රීඩා සංවර්ධණ දෙපාර්තමේන්තුව විසින් බවත් කියති. සංකීර්ණය ඉදි කළත් මේ දක්වා ශුමියේ භාරකාරත්වය ඇත්තේ කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා භාරයේ බවත් කියති . එසේ තිබියදි ප්‍රාදේශීය ලේකම් වරයාගේ නිසි අවසරයකින් තොරතුව මෙසේ ගස් වලට හානි කිරිම සම්පුර්ණයෙන්ම නිති විරෝධි කටයුත්තක් බවත් කියති.1611562452700_sport 2
මේ අතර වයඹ පළාත් ක්‍රිඩා අමාත්‍යාංශය කුමන හේතුවක් මත හෝ මෙම සංකීර්ණය වටා ඇති කොහොඹ තේක්ක හා කහට වැනි වටිනා ගස් වල අතු කපා ඉවත් කිරිමට පියවර ගෙන ඇති බවත් ඒ සදහා වැය දැරුවේද පළාත් ක්‍රිඩා අමාත්‍යාංශය විසින් බවත් කියති. කපා ඉවත් කළ ගස් වල කොටස් පවා එම අතු ඉවත් කළ පිරිස රැගෙන ගිය බවත් මේ වන විට තමන්ට සිසිල වෙනුවට අව්වේම සිටිමට සිදුව ඇති බවත් කියති.
මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් අනුර කුමාර දිසානායක මහතාගේ විමසු අවස්ථාවේ දි ඒ මහතා පෙන්වා දුන්නේ මෙම භුමිය මෙතෙක් පවතින්නේ තමන් යටතේ බවත් මේ සම්බන්ධයෙන් එම වසම භාර ග්‍රාම නිලධාරිවරයා මගින් ලබා ගත් වාර්තාව අනුව මෙම නිති විරෝධි ගස් කැපිම වාර්තාවු බවත් එසේම එහි ඇති ගස් වල භාරකාරත්වය පවා ඇත්තේ තමන් භාරයේ පවත් කිසිවකු විසින් තම අවසරයෙන් තොරව ගස් වලට කිසියම් හෝ හානියක් කර ඇත් නම් එය වරදක් වන බවත් මේ සම්බන්ධයෙන් දැන ගත් වහාම වයඹ ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම්වරියගේ අවධානය යොමු කර වහාම කපා ගෙන ගොස් ඇති ගස්වල කොටස් ගෙනැවිත් එහි දමා මා වෙත වාර්තා කරණ ලෙසත් ඒ අනුව ඉදිරියේ දි අදාළ පියවර ගන්නා බවත් කීවේය.
වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් නයනා කාරියවසම් මහත්මියගේ විමසු අවස්ථාවේ ද ඇය මෙසේ කීවාය.
ශිල්ප ශාළිකා භුමියේ ඇති ගස් වල දිරා ගිය අතු කඩා වාටි එහි එන ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට කිසියම් හානියක් සිදු වේ යයි ලද පැමිණිළි අනුව පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂවරිය මෙම ගස් වල දිරා ගිය අතු ඉවත් කළ බවත් ඒ සදහා කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසර ලබා නැති අතර වහාම ඉවත් කළ ගස්වග අතු රහි ගෙනැවිත් දමන ලෙසට පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂවරියට දැන්වු බවත් කිය.
ගස් වල අතු කපා ඉවත් කර ඇති අයුරු ජායාරූපවල දැැ්කවේේ

ඔගස්ටින් ප්‍රනාන්දු  .

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article