Saturday, November 23, 2024

වැලේ වැල් නැතිව සිටි වේවැල් කර්මාන්තකරුවන්ට රජයෙන් බලාපොරොත්තුවක්

Must read

DSC04290
කඩා වැටෙමින් පවතින වේවැල් කර්මාන්තය නැවත නගා සිටුවීම සදහා රජය විසින් ආරම්භ කිරීමට යෝජිත වැඩ සටහන් සම්බන්ධයෙන් කිසියම් බලාපොරොත්තුවක් තබා ගත හැකි බව එම කර්මාන්තයේ නියැලෙන පිරිස් කියා සිටිති.
පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුලම – රාල්මඩුව ගම්මානයේ පදිංචි බොහෝ දෙනෙකු පාරම්පරිකව වේවැල් කර්මාන්තයේ නිරත වන්නේය.පසුගිය කාලය පුරා ඔවුන් ගැටළු රැසකට මුහුණ දුන්නේය.ඉන් පළමු වැන්න වන්නේ නිෂ්පාදනය කිරීම සදහා ප්‍රමාණවත් වේවැල් සපයා ගැනීමය.අවශ්‍ය කරන වේවැල් කපා ගැනීමට නම් අනිවාර්යෙන් වන්තරයට යා යුතු වන්නේය.නමුත් ඇතැම් වනාන්තර වලට ඇතුළු වීම නීති විරෝධී කටයුත්තක් වන්නේය. එමෙන්ම වන අලින් එම ප්‍රදේශ වල ගැවසීමද තම ජීවිත වලට දැඩි තර්ජනයක් බව ඔවුන් කියා සිටිති.

 

DSC04288 DSC04298 DSC04295 DSC04301 DSC04299
මේ සම්බන්ධයෙන් වසර කීපයක් තිස්සේ සිදු කරන ලද මැසිවිළි වල ප්‍රගතියක් ලෙස රාල්මඩුව ප්‍රදේශයේ අක්කර 800 ක වේවැල් වගා කිරීමට පසුගිය කාලයේ රජය කටයුතු කරන ලදි.වැඩි කාලයක් යාමට පෙර එම වගාවන්හී අස්වැන්න නෙලීමට වේවැල් කර්මාන්ත කරුවන්ට හැකියාව ලැබෙනවා ඇත.
ඔවුන් මුහුණ දී ඇති තවත් ගැටළුවක් වන්නේ නවීන සමාජයට අවශ්‍ය ආකරයට නිෂ්පාදනයන් සිදු කිරීමට අවශ්‍ය වන තාක්ෂණික දැණුමය.එමෙන්ම තරුණ පරපුර වේවැල් කර්මාන්තයේ නිරත නොවී වෙනත් වෘත්තීන් වලට යොමු වීමය.එම ගැටළු වලටද පිළිතුරු සොයා ගිය වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ජාතික ශිල්ප සභාවේද සහාය ඇතිව අවශ්‍ය තාක්ෂණික දැණුම ඔවුන්ට ලබා දීමටද තරුණ පරම්පරාව කර්මාන්යට යොමු කර ගැනීමටද විවිධ උපක්‍රම යොදමින් සිටී.
මේ සියල්ල අවසානයේ ඇති වන ගැටළුවක් වන්නේ වෙළද පල හිගකමය. වර්තමානයේ බොහෝ දෙනෙකු වේවැල් නිෂ්පාදන අතහැර ප්ලාස්ටික් නිෂ්පාදනයන්ට යොමු වීම ඊට හේතුව වී ඇත.නමුත් වර්තමාන කොවිඩ් තත්ත්වයත් සමග විදෙස් රටවල් වලින් ප්ලාස්ටික් නිෂ්පාදන මෙරටට ගෙන්වීම සීමා වී ඇත.මෙම තත්ත්වය තම කර්මාන්තය ගොඩ ගැනීමට ඉතාමත්ම හොද අවස්ථාවක් බව වේවැල් කර්මාන්ත කරුවන් කියා සිටී.
ඒ අනුව තේ කර්මාන්යට අවශ්‍ය කූඩ නිෂ්පාදනය කිරීමට මේ දිනවල රාල්මඩුව වේවැල් නිෂ්පාදකයින් කටයුතු කරමින් සිටී.නියාමක ව්‍යාපෘතියක් ලෙස ඉදිරි දින කීපය තුළ තේ කර්මාන්තයට අවශ්‍ය කූඩ 1000 ක් ලබා දීමටද නියමිත බව වනාතවාල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහන් කරයි.එමෙන්ම ඉදිරියේදී රජයේ කාර්යාල වලට අවශ්‍ය කරන කසල බදුන් නිෂ්පාදනය කිරීමටද තමන් සුදානම් බව වේවැල් කර්මාන්තකරුවෝ කියා සිටී.
කෙසේ වෙත්ත පසුගිය කාලයේ වැලේ වැල් නැතිව සිටි වේවැල් කර්මාන්ත කරුවන් වත්මන් රජය සම්බන්ධයෙන් කිසියම් බලාපොරොත්තුවක් තබා ගෙන ඇත.තම කර්මාන්තය වෙනුවෙන්ම අමාත්‍යාංශයක් ස්ථාපනය කිරීම තුළින් කඩා වැටෙමින් තිබූ තම කර්මාන්තය කිසියම් ආකාරයට ස්ථාපනය වීමට හැකි බැවිනි.

 

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article