මදුරන්කුලියේ 10 කණුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන බෝනික්කන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාධිතයින් වාර්තා වී ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම කර්මාන්ත ශාලාව තුළ සේවක සේවිකාවන් 1000කට වඩා සේවය කරන අතර පී.සී.ආර්.වාර්තා වලට අනුව කොරෝනා ආසාධිතයින් තිදෙනෙකු (03) එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වී ඇත.ඔවුන් ආණමඩුව,මාම්පූරිය සහ මංගළඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මීට පෙරද එම කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාධිතයින් කීප දෙනෙකු වාර්තා වී ඇත.
මෙම කර්මාන්ත ශාලාව දින කීපයකට හෝ වසා දමා ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන ලෙස තමන් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කළ බවද පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාධ්‍යට සදහන් කර තිබේ.