පුත්තලම ඩිපෝවට අයත් මන්නාරම කොළඹ බස් රථයේ කොන්දොස්තර වරයකුට කොවිඩ් ආසාධිතයකු බවට සනාථ වීම හේතුවෙන් පුත්තලම ලංගම ඩිපෝවේ රියදුරන් හා කොන්දොස්ර වරුන් 44 දෙනෙකු වහාම නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.
මෙම කොවිඩ් ආසාධිත කොන්දොස්තරවරයා පසුගිය 9 දින පුත්තලම ලංගම ඩිපෝවේ පැවති වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයට සහභාගී වී ඇති බවත් එදින නිරෝධායනයට ලක්කළ රියදුරන් හා කොන්දොස්තරවරුන් සමඟ ඇසුරු කර ඇති බව ලංකාදීප පුත්තලම වාර්තාකරු සදහන් කර තිබේ. අදාළ පිරිස නිරෝධායන නීතිරිති අනුව පුත්තලම ලංගම ඩිපෝවේ බස් රථ යොදා ගනිමින් නිවෙස් වලට යවා නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.
ඡායාරූපය උපුටාගැනීම – ලංකාදීප