පොලොන්නරුව – ගල්ලෑල රෝහලෙන් පලා ගොස් සිටි තවත් කොවිඩ් ආසාධිතයෙකුව ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
06 වැනිදා දහවල් ආරච්චිකට්ටුව – ආනවිළුන්දාව ප්රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දුම්මලසූරිය – වැලිපැන්නගහමුල පදිංචිකරුවෙකු වන ඩබ්ලිව්.නිමල් වසන්ත (අවු:52) නම් අයෙකි.මෙම අය බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇත්තේ තමන් වෙන්නප්පුව – වයික්කාල පදිංචිකරුවෙකු බවය.
පසුගිය 31 වැනිදා පොලොන්නරුව – ගල්ලෑල්ල රෝහලෙන් කොවිඩ් ආසාධිතයින් 05 දෙනෙකු පලා ගොස් තිබුණි.පලා ගොස් සිටි එක් ආසාධිතයෙකුව පසුගිය 31 වැනිදා සවස මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.ඒ හලාවත – කරවිටාගාරය ප්රදේශයේදීය.
තමන් හලාවත – බංගදෙණිය ප්රදේශයේ පදිංචි මිතුරෙකුගේ නිවසට පැමිණ සැගවී සිටි බව ආරච්චිකට්ටුවේදී අත්අඩංගුවට ගත් සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.මෙම සැකකරුට එරෙහිව මංකොල්ලකෑම් සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතින බව පොලීසිය කියයි.දෙසැම්බර් මස 22 වැනිදා සිදු කර ඇති පී.සී.ආර්.පරීක්ෂණයකදී මෙම අය කොවිඩ් ආසාධිතයෙකු බවට හදුනා ගෙන ඇත.
පලා ගිය සැකකරුට නවාතැන් දුන් එම පුද්ගලයාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.එම සැකකරුද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් කලක් බන්ධනාගාර ගතව සිට අයෙකු බවට හදුනා ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනාම හලාවත මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජූඩ් සමන්ත