පුද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් ඇත. පසුගිය 03 වැනිදා සවස හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ – පම්බල ප්රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ කටාන – තිඹිරිගස්කටුව පදිංචිව සිටි කුරණගේ අමිල ජුඩ් පෙරේරා (අවු:29) නම් අයෙකි.
අනතුරට පත්ව ඇති යතුරු පැදිය හලාවත දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් සිට ඇත.පුද්ගලික බස්ථ රථය කොළඹ සිට හලාවත දෙසට ගමන් කරමින් තිබී ඇති බව පොලීසිය කියයි.තවත් බස් රථයක් පසුකරමින් අධික වේගයෙන් ධාවනය වී ඇති බස් රථය ඉදිරියෙන් පැමිණ ඇති යතුරු පැදියේ ගැටී ඇත.බස් රථයේ ගැටී ඇති යතුරු පැදිය මීටර් කීපයක් ඉදිරියට ඇදී ගොස් නතර වී ඇති බව සිදු කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
අනතුර සිදුවූ ස්ථානයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් මාදම්පේ පොලීසිය මැදිහත් වී පාලනය කර ඇත.
අනතුරට සම්බන්ධ බස් රථය පොලිස් බාරයට ගෙන ඇති අතර,එය පැදවූ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.
මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.