පුත්තලම – අනුරාධපුර මාර්ගයේ සාලියවැව ප්රදේශයේදී ලොරියක් අනතුරට පත් වී ඇතත් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව සාලියවැව පොලීසිය කියයි. 08 වැනිදා පෙරවරුවේ මෙම අනතුර සිදුවී තිබුණි.
අනතුරට පත්ව ඇති ලොරිය පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබී ඇත.ඉදිරියෙන් පැමිණ වාහනයකින් සිදුවීමට ගිය අනතුරක් වළක් ගැනීමට රියදුරු උත්සාහ කිරීමේදී මාර්ගයේ ඇති බෝක්කුවක ගැටී ලොරිය නතර වී ඇත.යම් ආකාරයකට ලොරිය පෙරළී ගියේ නම් එහි පැමිණි අයවළුන්ට තුවාල සිදු වීමට ඉඩ තිබූ බවද පොලීසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.