මාරවිල මුදුකටුව මාර්ගයේ මත්ස්‍ය වෙළදසැල් අද දහවල් සිට වසා දැමිමට කටයුතු කල බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය උපුල් ජයතිලක මහතා පැවසු බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසා සිටියේ මුහුදු බඩ මුහුදුකටුව මාර්ගයේ මාළු වෙළදාමේ නිරත වු අයකු ජෛව පටල සාම්පල පරික්ෂණයකින් පසුව කොවිඩ් 19 ආසාදිතයකු බවට සනාථ විමත් සමග මුහුදුකටුව මත්ස්‍ය වෙළද සැල් වසා දැමිමට කටයුතු කල බවයි.
මේ අනුව මුහුදුකටුව සිට වෙන්නප්පුව දක්වා මුහුදු බඩ මාර්ගය දෙපස මත්ස්‍ය වෙළදාමේ නිරත ස්ථාන 100ක් පමණ සම්පුර්ණයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දැමු බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි .