Saturday, November 23, 2024

සෙල්ලම් කරමින් සිටි ලණුව ගෙලේ පැටලීමෙන් කුඩා දරුවෙකු මියයයි

Must read

1594580822_girlසෙල්ලම් කරමින් සිටි ලණුවක් ගෙලෙහි පැටලීමෙන් කුඩා දරුවෙකු මියගොස් ඇති බව වනාතවිල්ලුව පොලීසිය සදහන් කරයි.
පසුගිය 21 වැනිදා මෙම අනතුර සිදුවී ඇත.
මිය ගොස් ඇත්තේ එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් අම්මාර් (අවු:09) නම්වූ කුඩා දරුවෙකි.
මිය ගොස් ඇති දරුවා තවත් දරුවන් දෙදෙනෙකු සමග ඔවුන්ගේ නිවස ආසන්නයේ ඇති පේල ගසක් යට කඹයක් උපයෝගී කරගෙන සෙල්ලම් කරමින් සිට ඇත.ගසේ පැටලී ඇති කඹයක් දරුවාගේ ගෙළට අහම්බෙන් වැටී ඇති බව පොලීසිය කියයි.ගෙළට වැටී ඇති කඹය තදවී දරුවා සිරි මුර්ජා වී ඇත. පසුව නිවැසියන් විසින් 1990 ගිලන් රථයකින් දරුවා පුත්තලම මූලික රෝහලට ගෙනවිත් ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මිය ගොස් ඇත.
පශ්චතාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article