Saturday, November 23, 2024

වයඹ පළාත් සභාවේ අලුත් මුහුණු දිවුරුම් දෙති.

Must read

වයඹ පළාත් සභාව සදහා තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරුන් පස්දෙනෙකු වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය ඉදිරියේ අද උදෑසන දිවුරුම් දෙනු ලැබූහ.

වයඹ පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් ලෙස මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ මංජුල බණ්ඩාර, එල්. එම්. එම්. මොහොමඞ්, ඉනෝක් තුෂාර පතිරගේ, ධර්මසිරි අරුව්ගොඩ සහ ජූඞ් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ය. මේ අතුරින් මංජුල බණ්ඩාර සහ එල්. එම්. එම්. මොහොමඞ් යන මහත්වරුන් කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පළාත් සභාවට තේරී පත් වූ අතර ඉනෝක් තුෂාර පතිරගේ, ධර්මසිරි අරුව්ගොඩ සහ ජූඞ් ප‍්‍රනාන්දු යන මහත්වරුන් කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පළාත් සභාවට තේරී පත් වී සිටිති.

වයඹ පළාත් සභාවේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කළ ජේ. සී. අලවතුවල, තුෂාර ඉදුනිල්, හෙක්ටර් අප්පුහාමි, අශෝක ප‍්‍රියන්ත සහ ශාන්ත අබේසේකර යන මහත්වරුන් පසුගිය මහමැතිවරණයෙන් ජයග‍්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා වයඹ පළාත් සභාවේ විපක්ෂ මන්ත‍්‍රීධූර පහක් මාසයක පමණ කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවතිණි. 2013 වයඹ පළාත් සභා මැතිවරණ මනාප ප‍්‍රතිඵල අනුව මෙම මන්ත‍්‍රීවරුන්ට වයඹ පළාත් සභාව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී ඇති අතර ඔවුන් වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් ලෙස තේරී පත් වූ බවට නිවේදනය කරමින් රජයේ ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් විය.

වයඹ ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති නවක මන්ත‍්‍රීවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට අභ්‍යන්තර, වයඹ සංවර්ධන සහ සංස්කෘතික අමාත්‍ය එස්. බී. නාවින්න, කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල සහ වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ශමල් සෙනරත් ඇතුඵ මැති ඇමැතිවරුන් පිරිසක්ද සහභාගී වූහ.

alutmanthree01 alutmanthree02 alutmanthree03 alutmanthree04 alutmanthree05 alutmanthree06 alutmanthree07 alutmanthree08

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article