පුත්තලම නගරයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක සිටි 06 දෙනෙකුව ස්වයං නීරෝධායනයට ලක් කිරීමට පුත්තලම පොලීසිය කටයුතු කර ඇති බව වාර්තාවේ. පසුගිය 14 වැනිදා සවස පුත්තලම පොලීසිය විසින් මෙම ස්ථානය වටලා තිබේ.
එහිදී කාන්තවන් දෙදෙනෙකු සහ පිරිමින් 04 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් පුද්ගලයින් දෙදෙනා අතරින් එක් අයෙකු ගණිකා නිවාසයේ හිමිකරු ලෙසත්,අනෙක් අය එහි කළමණාකරු ලෙසත් පොලීසිය විසින් හදුනා ගෙන ඇත.සෙසු පිරිමි පුද්ගලයින් දෙදෙනා කාන්තාවන්ගෙන් සේවය ලබා ගැනීමට පැමිණි අයවළුන් වේ. සැකකරුවන් සහ සැකකාරියන් කුලියාපිටිය,හෙට්ටිපොල, දංකොටුව, වාරියපොල සහ පුත්තලමේ පදිංචිකරුවන් ලෙස හදුනා ගෙන ඇත.
ජුඩ් සමන්ත.