(12.45PM) ඊයේ (21) පෑලියගොඩ ප්‍රධාන මාළු වෙළඳපොලේ වෙළෙඳුන් 46 දෙනෙකුට හා ආශ්‍රිතයන් තිදෙනෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වීමත් සමග එම මාලු වෙළඳසැල වසා දමන ලදී. පෑලියගොඩ මාළු වෙළඳපොල වසා දැමූවත් මාලු මිළදී ගැනීම සඳහා එම වෙළෙඳුන් දිවයිනේ වෙනත් ප්‍රධාන මාලු ලෙල්ලම් වලට යාම් ඊම සිදුකරන බව තොරතුරු වාර්තා වේ. වෙන්නප්පුව , හලාවත ප්‍රධාන මාලු ලෙල්ලම් වලට ඊයේ සහ අද (22) පෑලියගොඩ වෙළඳපොලේ මාලු වෙළෙඳුන් පැමිණ ඇති අතර මේ ප්‍රදේශවල මාළු වෙළෙදුන් පවසන්නේ මෙහි අවධානමක් පවතින බවයි. කොරෝනා අවධානම් සහිත ප්‍රෙද්ශයක සිට තවත් ප්‍රෙද්ශයකට මෙම වෙළඳුන් පැමිණිම විසින් කොරෝනා රෝගය ව්‍යාප්තියක් සිදුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.