කල්පිටිය – කාක දූපත ආසන්නයේ කලපුවේ තිබී ධීවරයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. මිය ගොස් ඇත්තේ වඩුමුන්නේ ගෙදර – උඩුගම පදිංචිව සිටි කරුණානායක පතිරැන්නැහැලාගේ රුවන් (අවු:36) නම් අයෙකි. මිය ගිය පුද්ගලයා කල්පිටිය ප්රදේශයේ ධීවර වාඩියක සේවය කරමින් සිට ඇති අතර පසුගිය 17 වැනිදා සවස ඔහුගේ සිරුර කලපුවේ කඩොල් ගාලක් ආසන්නයේ තිබී තවත් ධීවරයෙකු දැක ඒ බව පොලිසියට දැන්වීමට කටයුතු කර ඇත. මිය ගොස් ඇති ධීවරයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පුත්තලම මූලික රෝහලට ගෙනවිත් ඇත. කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.