Friday, November 22, 2024

අඹකදවිල ධීවරයෙකු⁣ට කොරෝනා අසාධිත වේ

Must read

 

හලාවත – අඹකදවිල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වී තිබේ.

කොරෝනා ආසාධිතයෙකු බවට හඳුනා ගෙන ඇත්තේ හලාවත -අඹකදවිල, පළුගස්තැන්න පදිංචිකරුවෙකු වන 28 හැවිරිදි ධීවරයෙකි.
හලාවත – අඹකදවිල ප්‍රදේශයෙන් පළමු කොරෝනා ආසාධිතයා හමුවූයේ පසුගිය 08 වැනිදාය.36 හැවිරිදි එම අය ප්‍රදේශයේ දේවස්ථානයක් හා සමීපව කටයුතු කළ අයෙකි.එම හඳුනා ගැනීමත් සමග අඹකදවිල ප්‍රදේශයේ පවුල් 10 ක පුද්ගලයින් 52 කු නීරෝධායනයට ලක් කර ඇත.ඒ අතර පියතුමන්ලා දෙදෙනෙකුද වේ. මීට අමතරව මාරවිල ප්‍රදේශයේ සාත්තු නිවාසයක සේවය කළ විශේෂඥ වෛද්‍යවරයෙකු ඇතුළු 09 දෙනෙකු,තොඩුවාව ප්‍රදේශයේ කන්‍යාරාමයක කන්‍යා සොයුරියන් 05 දෙනෙකු සහ එම ප්‍රදේශයේ පුද්ගලයින් 37 දෙනෙකුව නීරෝධායන කටයුතු සදහා යොමු කර ඇත.ඒ අතර නාත්තන්ඩිය ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකුද වේ.
අළුතින් හදුනා ගෙන ඇති කොරෝනා ආසාධිතයා පෙර ආසාධිතයා සමග නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සදහා ගොස් ඇත.පසුව ඔහු පසුගිය 08 වැනිදා තවත් ධීවරයින් 06 දෙනෙකු සමග මසුන් මැරීම සදහා බහු දින යාත්‍රාවකින් ජාත්‍යන්තර මුහුදට යාමට පිටත් වී ඇත.යාත්‍රා කරමින් තිබූ එම යාත්‍රාව වහාම මෙරටට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කරන ලදි.
ඒ අනුව පසුගිය 09 වැනිදා දික්ඕවිට වරායට එම යාත්‍රාව පැමිණ ඇත.එහිදී සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයේදී අනාවරනය වී ඇත්තේ ඔහු කොරෝනා ආසාධිත අයෙකු බවය.එම ආසාධිතයා සමග මසුන් මැරීම සදහා බහු දින යාත්‍රාවේ ගමන් කළ සෙසු ධීවරයින් 06 දෙනා එම යාත්‍රාව තුළම නීරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article