Saturday, September 21, 2024

ආනවිළුන්දාවේ භූමිය ඩෝසර් කර ඇත්තේ පා.ස.මන්ත්‍රී ජගත් සමන්තගේ ඉල්ලීම මත බව කමිටුව පිලිගනියි

Must read

117816606_10158361452081327_5166784405435401918_n

(11.17am) ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළිකර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරා වන ආරච්චිකට්ටටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත බව අදාළ පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටු වාර්තාව අනාවරණය කරයි. එම කමිටුවේ වාර්තාව ඊයේ (සැප්. 09) විෂයභාර අමාත්‍යවරයා වෙත ලබා දීමෙන් අනතුරුව ඊයේ දිනයේ ම පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සිදුකළේය.

පොලීසියට ලබා දුන් සාක්ෂිවලට අනුව මෙම ඉස්සන් කොටුව ප්‍රතිසංස්කරණය කිරීමේ නිරත වූ ඩෝසර් හිමිකරු පෝරුවතොටගේ සුජිත් නිශාන්ත ප්‍රනාන්දු නමැති අය ලෙසත්, ඉස්සන් කොටුව ශුද්ධ කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා වර්ණකුලසූරිය නිශාන්ත ප්‍රනාන්දු යන අය බවත් කමිටුව විසින් හඳුනාගෙන තිබේ.

ආරච්චිකට්ටටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත මෙම සුද්ධ කිරීම සිදුකර ඇති අතර ඔහු විසින් මීට පෙර අවස්ථා කිහිපකදී ද, අදාළ ප්‍රදේශය ඉස්සන් වගා ව්‍යාපෘති සඳහා මෙලෙස භාවිත කර තිබෙන බව ද මෙම වාර්තාවේ සඳහන්ය.මෙම ජගත් සමන්ත යනු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරාය.

සිද්ධිය පිළිබඳව කමිටුව ලබාගත් සියලු සාක්ෂි සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඔවුන් නිරීක්ෂණය කළ කරුණු ලෙස මෙම ඉඩම අනවසරයෙන් සහ අනීතික ලෙස ඉස්සන් ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට උත්සහ කර ඇති බව සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ වරදකරුවන්ට රුපියල් 15000 සිට ලක්ෂ 05ක් දක්වා දඩ මුදලකට හෝ වසර 02කට නොඅඩු සහ වසර 05කට නොවැඩි බන්ධනාගාරගත කිරීම යන දඬුවමකට යටත් වන වරදක් බව කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.


උපුටා ගැනීම – theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article