Saturday, September 21, 2024

ගවයින් ඝාතනය තහනම් කිරීම, සත්ව අයිතීන් වෙනුවෙන් හඬනැගූවන්ගේ ජයග්‍රහණයකි

Must read

118368940_3495654037123296_1123971513686662110_nශ්‍රී ලංකාව තුළ ගවයින් ඝාතනය කිරීමේ සංස්කෘතියට විරෝධය පාමින් එය නීතියෙන් තහනම් කරන ලෙස ඉල්ලා ගෙන ගිය ව්‍යාපාරයට ජයග්‍රහණයක් අත්කර දෙමින් ඊයේ (08) වනදා මෙම යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව තවදුරටත් ගව ඝාතනය හා ඝාතනය වෙනුවෙන් හරක් ඇතිකිරීම නීතිවිරෝධී වන අතර  හරක් මස් පිටරටින් ගෙන්වන බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.  පසුගිය කාලයේ බව් බව් සංවිධානය ඇතුළු බොහෝ සංවිධාන සහ පුද්ගලයින් මසට අළෙවිකළ හරක් බේරා ගැනීම සදහා නඩුගාස්තු එකතු කරමින් ඔවුන් බේරාගැනීම සදහා මහත් වෙහෙසක් දරමින් සිටිති. ලංකාව වැනි නීතිවිරෝධී අපචාර ක්‍රියා බහුල රටක , සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් වැඩකරන සංවිධාන බිහිවීම ඉතාම ප්‍රගතශීලී වර්ධනයකි.   එබැවින් මෙම අලුත් නීතිය ඔවුන්ගේ ශ්‍රමයට ලැබූ විශාල ශක්තියක් මෙන්ම ජයග්‍රහණයක් වනු ඇත. ලංකාව තුළ කැස්බෑවන් මැරීම ද තහනම්ය. නමුත් ධිවර ප්‍රෙද්ශ වල ඕනෑ තරම් කැස්බෑ මස් රහසේ අළෙවි වේ. මෙම තත්ත්වය ද හරකුන්ටත් අදාළ විය හැක. කෙසේ වුවත් එයට එරෙහි වීමට නීතියක් ඇති නිසා දැන් පිළිවෙන.
අනෙක් පසෙකින් මෙවැනි ප්‍රගතශීලී පියවරක් ගැනීමත් සමගම  ඊට හාත්පසින්ම යහපාලනයට ප්‍රතිවිරුධ විශාල වශයෙන් රටේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට බලපාන්නාවූ ව්‍යවස්ථා  සංශෝධන සහිතව 20 වෙනි සංශෝධනයක් ගෙන ඒමටද පාලක පක්ෂය ක්‍රියාමාර්ග ගනිමින් සිටි.  එබැවින් මෙම ගව ජයග්‍රහණය ඒ පරිදිම උත්කර්ෂවත්ව සැමරීමට නොහැකි බව සමාජ මාධ්‍ය වල විවේචන සලකා බලන විට පෙනී යයි. මෙම ගව ඝාතනය නැවැත්වීමේ පියවර 20 වෙනි සංශෝධනය සම්මත කරගැනීමේ ගුන්ඩුවක් වන බවද සටහන් කළ යුතුය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article