මසුන් මැරීම සදහා කල්පිටිය කළපුවේ එලා තිබූ තහනම් දැල් තොගයක් පුත්තලම සහකාර දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන් විසින් තම බාරයට ගෙන තිබේ. පසුගිය 02 වැනිදා දහවල් කාලයේ කල්පිටිය නාවුක හමුදා කදවුරේ නිලධාරීන්ගේද සහාය ඇතිව මෙම වැටලීම සිදු කර ඇත.
මෙම මෙහෙයුමේදී මසුන් මැරීම සදහා යොදා ගැනීමට තහනම් “කූඩ දැල්″ 370 ක් තම බාරයට ගත් බව ධීවර නිලධාරීන් සදහන් කරයි.තම නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇති කූඩු දැල් වල වටිනාකම රුපියල් ලක්ෂ 40 ක් පමණ වන බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක සරත් චන්ද්‍රනායක මහතා පැවසීය.
කුඩා ප්‍රමාණයේ ඇස් ඇති මෙම දැල් වර්ගය භාවිතා කිරිම හේතුවෙන් කලපුවේ සිටින ඉතාමත්ම කුඩා මසුන් මෙන්ම ඉස්සන්ද විනාශයට පත් වන බවත්, මෙවැනි දැල් වර්ග භාවිතා කර මසුන් මැරීම තුළින් ඉදිරියේදී මල කලපුවක් නිර්මාණයට වීමට ඉඩ ඇති බවද හෙතෙම සදහන් කරයි.
කලපුව තුළ මෙම දැල් යොදා තිබුනේ කව්රුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යලයේ නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජූඩ් සමන්ත.