( 12.27 pm) හලාවත – අඹකදවිල මුහුදු වෙරළේ අතහැර දමා ගොස් තිබූ හිමිකරුවෙකු නොමැති ධීවර යාත්රා දෙකක් ප්රදේශවාසීන් විසින් සොයා ගෙන පොලීසියට බාර දී ඇත. අද ( 03) වැනිදා අළුයම ප්රදේශයේ ධීවරයින් විසින් මෙම බෝට්ටු දෙක සොයා ගෙන ඇත.
මෙම බෝට්ටු දෙක අතහැර දමා ගොස් ඇති ස්ථානයට යාබද මාර්ගයේ නවතා තිබූ ලොරි රථ දෙකක් 03 වැනිදා අළුයම පිටත්ව ගිය හඩ ඇසුණු බව ප්රදේශවාසීන් පොලීසිය හමුවේ පවසා ඇත.අතහැර දමා ඇති බෝට්ටු දෙක පුත්තලම – මදුරන්කුලිය ප්රදේශයේ ධීවරයින්ට අයත් ඒවා බවට සැකකරන්නේ යැයි පොලීසිය කියයි. කිසියම් නිති විරෝධී දෙයක් මෙම බෝට්ටු වලින් ගෙන ඒමෙන් අනතුරුව ඒවා අතහැර දමන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය සදහන් කරයි.
පසුගිය 01 වැනිදාද තොඩුවාව ප්රදේශයේ තිබී අතහැර දමන ලද බෝට්ටු දෙකක් පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.එම බෝට්ටු තමන්ට අයත් ඒවා බව කල්පිටියේ පදිංචිකරුවන් ඉදිරිපත් වී තිබුණි. මේ අතර පසුගිය මාසයේදීම මේ ආකාරයටම අතහැර දමා තිබූ බෝට්ටු දෙකක් හලාවත – තොඩුවාව ප්රදේශයේ වෙරළේ තිබී හමු වී ඇත.එම බෝට්ටු හලාවත පදිංචිකරුවන්ට අයත් ඒවා බවට හදුනා ගෙන ඇත. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජූඩ් සමන්ත.