පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් හෙලිපෙහෙලි කරන ලද බැකෝ යන්ත්‍රය සහ එහි රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුන බව මාධ්‍ය විසින් දැනටමත් වාර්ථා කොට තිබේ
පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂවරයා විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වන පොලිස් පරීක්ෂණ මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
ඉස්සන් වගාවේ නිරත ව්‍යාපාරිකයෙකුගේ උපදෙස් මත තමන් එම ස්ථානය පැය 8ක පමණ කාලයක් ඩෝසර් කළ බව එහි රියදුරා පොලිසියට සඳහන් කර තිබෙන ලංකා සි නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ
එම භූමිය ඩෝසර් කරද්දී යන්ත්‍රයේ ඇති වූ කාර්මික දෝෂයක් මත වැඩ නවත්තන්න සිදු වූවද එහි රියදුරා ද සඳහන් කර ඇති බවද වැඩිදුරටත් එහි සඳහන්ය
කෙසේ වෙතත් ප්‍රදේශයේ දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටින්නේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සහෝදරයෙකු වෙත දැනටමත් මේ විනාශය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුව ඇති බවය.
පසුගියදා පාර්ලිමේන්තුවේදි මේ ප්‍රශ්ණය ගැන කරුණ දක්වා සිටි ඇමති විරවංශ රජයට සම්බන්ධ අයෙකු මේ පිටුපස සිටිය හැකි බවට වු ඉඟියක්ද පළකර තිබුණි
සැකපිට ව්‍යාපාරිකයෙකුත් අත්අඩංගුවට ගැනේ ?
මේ අතර ආනවිළුන්දාව අභයභූමිය අයත් ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව අද දෙරණ විසින් වාර්ථා කොට තිබේ
ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ද ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ (28) ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගැණුනි.
එහිදී අදාළ බැකෝ යන්ත්‍රය ද පොලීසිය විසින් සිය බාරයට ගත්තේය.
පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී ආනවිළුන්දාව අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර තිබුණි.
එම භූමිය විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් බව අනාවරණය වු බවද එම පුවතේ වැඩිදුරටත් සඳහන්ය