හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පුජා මහෝත්සවය යටතේ ගිනි පෑගීමේ මහෝත්සවය සෞඛ්‍ය නිති රිති වලට යටත්ව චාරිත්‍රයක් ලෙසින් පෙරේදා ( 27 දා ) පස්වරුවේ සිදු කෙරුනි.
වෙනත් වර්ෂවල දි දහසකට ආසන්න බැතිමතුන් පිරිසක් මෙහිදි ගිනි පාගන නමුත් මෙවර පවත්වා කොරෝනා අවධානම මත මෙවර ගිනි පෑගිමට එක්වුයේ ප්‍රධන කපු මහතා වන කෝකිල නාත් ජයේන්දු සිං මහතා පමණි. වෙනත් කිසිවකුටත් මෙවර ගිනි පෑගීමට එක්විමට අවකාශ සලසා දි නොතිබුණි.
මෙවර මෙම අවස්තාව නැරැඹිමට පැමිනි බැතිමතුන් සංඛ්‍යාවේ විශාල අඩුවක් දැක ගත හැකි විය.
මේ මස 31 වන දින දහවල් ප්‍රධාන රථ පෙරහැර සිදු කරණු ලබන අතර සැප්තැම්බර් මස 1වන දින දහවල් 12 ට හලාවත දැදුරු ඔයේ දි දිය කැපීමේ චාර්ත්රය ද සෞඛ්‍ය නිති රිතිවලට යටත්ව පවත්වන බව දේවාලයේ ප්‍රධාන පුජක බ්රහ්මසාරි ශ්‍රී පත්මනාභ කුරක්කල් වරයා කීය.
ඔගස්ටින් ප්‍රනාන්දු