Tuesday, November 19, 2024

වත්මන් ඇමැතිවරයෙකු තනතුරින් දොට්ට! වයඹ අලුත් ඇමැතිවරු හෙට දිවුරති.

Must read

623424-breaking-newsවත්මන් අමාත්‍යවරයෙකුට තනතුර අහිමි කරවමින් වයඹ පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය හෙට උදෑසන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බව ‘වයඹ ටුඩේ වෙත’ වාර්තා වෙයි.

ඒ අනුව හෙට දිවුරුම් දෙන අමාත්‍ය මණ්ඩලයට දැනට අමාත්‍යධූරයක් හොබවමින් සිටින අමාත්‍යවරයෙකුගේ නම ඇතුලත් වී නොමැති අතර වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු නව ඇමැතිවරුන් වශයෙන් දිවුරුම්දීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

වයඹ පළාත් සභාව තුළ දැනට ඇමැතිවරුන් ලෙස කටයුතු කරමින් සිටින ඇමැතිවරුන් දෙදෙනෙකුට පමණක් තවදුරටත් පළාත් අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලැබීමට නියමිත නමුත් ඔවුන් සතුව දැනට පවතින අමාත්‍යංශ සහ විෂයන්වල වෙනස්කම් ගණනාවක් සිදුකිරීමට නියමිතව තිබේ.

පළාත් සභා පනත අනුව යම් පළාත් සභාවක් සදහා ප‍්‍රධාන අමාත්‍යවරයෙකු අලූතින් දිවුරුම් දෙනු ලැබුවහොත් එවිට තනතුරු දරමින් සිටින අමාත්‍ය මණ්ඩලයේ තනතුරුද ස්වයංක‍්‍රීයව අහෝසි වී යනු ලබන අතර අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවාගැනීම ඇමැතිවරුන් අලූතින් දිවුරුම්දිය යුතුවෙයි. ඒ අනුව වයඹ පළාත් සභාවේ නව ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස ධර්මසිරි දසනායක මහතා දිවුරුම්දීමත් සමග මෙතෙක් කටයුතු කළ වයඹ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය වෙනුවට හෙට නව ඇමැති මණ්ඩලයක් හෙට දිවුරුම්දෙනු ඇති බව කියැවේ.

දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත්වීම නිසා වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධූරයත්, සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත්වීම නිසා වයඹ පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැතිධූරයත් පුරප්පාඩු වී පැවැති අතර පළාත් සභාවේ නව ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස ධර්මසිරි දසනායක මහතා පසුගිය 08 වැනිදා දිවුරුම් දෙනු ලැබීය.

වයඹ පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය පිළිබද නැවුම් තොරතුරු ගණනාවක් ඉදිරිපැය කිහිපය තුළදී අපගේ පාඨකයින් වෙත හෙළිකිරීමට වයඹ ටුඩේ වෙබ් අඩවිය සූදානමින් සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article