වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රී දිනේෂ් පෙරේරා මහතාව හලාවත වංචා විමර්ශන ඒකකය විසින් පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු විසින් විදෙස් රටවල් වල රැකියා ලබා දෙන බව පවසා රුපියල් 2,61,00,000 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව වාර්තා වේ.
පසුගිය 17 වැනිදා සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකාර මන්ත්‍රීවරයා විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යන අයෙකි.කොළඹ සහ වෙන්නප්පුව ප්‍රදේශයේ එම විදේශ රැකියා කාර්යාල පිහිටුවා ඇත. ඉතාලිය,පෝලන්තය ඇතුළු යුරෝපා රටවල් වල රැකියාවන් ලබා දෙන බව පවසා සැකකාර මන්ත්‍රීවරයා මුදල් ලබා ගෙන ඇති බවට පුද්ගලයින් 09 දෙනෙකු විසින් සිදු කර ඇති පැමිණිළි මත අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකාර මන්ත්‍රීවරයාට විරෝධය පළ කරමින් පසුගිය දිනක වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක්ද පවත්වන ලදි.විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සැකකරුට මුදල් ලබා දුන් පිරිසක් විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණි.