Monday, November 25, 2024

සනත් නිශාන්තගේ රථ සවාරිය ගැන වාර්තාවක් දෙන ලෙස පුත්තලමේ පොලිස් ලොක්කන්ට නියෝගයක්?

Must read

1596090069036_sanath
(12.02pm) සිය මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂ කණ්ඩායමේ නායක කේ.සනත් නිශාන්ත පෙරේරා මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසක් විසින් පසුගිය දා දිසාව තුළ පවත්වන ලද යතුරු පැදි සවාරිය සම්බන්ධයෙන් මේ වන විට පුත්තලම සහකාර පොලිස් අධිකාරි මගින් විශේෂ පරික්ෂණයක් සිදු කරණ බව පුත්තලම නියෝජ්‍ය පොලිස් පති නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා මැතිවරණ නිති රිති කඩ කරමින් ප්‍රසිද්ධියේ යතුරු පැදි සවාරියකට එක්වි සිටින අයුරු පසුගිය දින වල සමාජ මාධ්‍යයන්හි පෙන්වා දී තිබුණි.ඔවුන් සමග සිටි පොලිස් නිලදාරියෙකු ආරක්ෂක හිස් වැස්මක් සහ මුඛ ආවරණ දමා ගෙන සිටිය දි සනත් නිශාන්ත මහතා ඇතළු ඔහුගේ ආධාරකරුවන් ආරක්ෂක හිස් වැස්මක් හෝ මුඛ ආවරණයක් පැළද නොගෙනම සුපිරි යතුරු පැදියක් ධාවනය කරණු එම සමාජ මාධ්‍ය මගින් ජායාරූප මගින් ප්‍රසිද්ධ කර තිබුණි.
පසුව මෙම නිති විරෝධි යතුරු පැදි ධාවනය සම්බන්ධයෙන් මැතිවරණ නිරික්ෂක කණ්ඩායම් ද වැඩ බලන පොලිස්පතිවරයාගේ අවධානය යොමු කර වහාම පරික්ෂණයක් පවත්වන ලෙසින් ඉල්ලා සිටියහ. ඒ අනුව වැඩ බලන පොලිස්පපතිවරයා මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයකන් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයාට නියෝග කර තිබුණි.
මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ ද කීය.
මෙම සිද්ධය සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස පුත්තලම සහකාර පොලිස් අධිකාරිවරයාට දන්වා ඇති බවත් ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයා මේ වන විට මෙම යතුරු පැදි සවාරිය සම්බන්ධයෙන් පරික්ෂනයක් සිදු කරණු ලබන අතර එම වාර්තාව අද ( 30 දා )පස්වරු වන විට තමන් වෙත ලැබෙනු ඇති බවත් කිය.
එම වාර්තාව ලද පසු සනත් නිශාන්ත මහතා යම් වැරදි ක්‍රියාවක් කර ඇත්තේ නම් ඔහුට එරෙහිව නිතිමය පියවර ගන්නා බවත් කීය

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article