හලාවත මැදවත්ත ධීවර ගම්මානයේ කලපුව අසල මුහුදු යාම පිණිස සුදානම් කර තිබු එක් දින ධීවර යාත්රාවකට කිසිවකු විසින් ඊයේ ( 26 දා ) රාත්රි ගිනි තබා මුළුමණින්ම විනාශ කර ලක්ෂ දහයකට අලාභයක් සිදු කර ඇති බව හලාවත පොලිසිය කියයි. මෙම ගින්නෙන් යාත්රාව හා එහි සවි කර තිබු එංජිම මෙන්ම දැල් කට්ටලයද මුළුමණින්ම ගිනිබත්ව විනාශව ඇති බවත් කියයි.අද ( 27 දා ) උදේ මසුන් මැරීම පිණිස ඈත දියඹේ රස්සාව කිරිමට සුදානමින් මැදවත්ත කලපු ඉවුරෙහි මෙම යාත්රාව රදවා තිබු බවත් රාත්රි අටට පමණ කලපු ඉවුරෙන් මත් වු ගිනි දැල් දැක ගොස් බලන විට එම යාත්රාව ගිනි ගෙන ඇති බව දුටු බවත් යාත්රාවේ හිමිකරුවන හලාවත මැදවත්තේ පදිංචි වර්ණකුලසුරිය ඇන්ටනි මාකස් ප්රනාන්දු නමැති ධීවර කාර්මිකයා පොලිසියට දන්වා ඇත. මෙම ගින්න සම්බන්ධයෙන් අද ( 27 දා ) උදේ පොලිසිය විසින් පරික්ෂණ ආරම්භ කළ අතර මෙම ගින්න කිසියම් ඉන්ධණ වර්ගයක් දමා සිදු කර ඇති බව මුලික පරික්ෂණ වල දි අනාවරණ වු බවත් කියයි. මේ සම්බන්ධයෙන් ප්රශ්ණ කිරිම පිනිස එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බවත් කියයි. හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.
ඔගස්ටින් ප්රනාන්දු.