වෙන්නප්පුව නගර මධ්‍යයේ පිහිටි නිවසක් කුලියට ගෙන මහ පරිමාණයෙන්
හෙරෝයින් මත්කුඩු අලෙවි කිරිමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය අවුරුදු
22 ක් වයසැති තරුණයෙකුව මත්කුඩු තොගයක් සමග පෙරේදා ( 13 දා )
අත් අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි.
හදිසියේම ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරින් පිරිසක් එම නිවස වෙත
ගොස් කරණ ලද සෝදිසියක දි එම නිවසෙහි මත්කුඩු ග්රැම්144කුත් මිලිග්රැම්
832කුත් අඩංගු පාර්සලයක් සොයා ගත හැකි වු එහි වටිනාකම රුපියල්
දහහතර ලක්ෂපනස් දහසක් වන බවත් කියයි.ඒ සමගම එහි
පදිංචිව සිටි මෙම තරුණයා අත් අඩංගුවට ගත් බව කියයි.
මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ අවස්ථාවේ දි සැකකරු නිලධාරින්ට
රුපියල් ලක්ෂ පහක මුදලක කප්පමක් දී කුඩු ප්‍රමාණය අඩු කිරිමට අසාර්ථක
උත්සහයක් දැරු බවත් කියයි.
අත් අඩංගුවට ගත් තරුණයා මාරාවිල කටුනේරියේ පදිංචිව සිටි බවත් මත්
කුඩු අලෙවිය පිණිස වෙන්නප්පුවේ මෙම නිවස කුලිය ලබා ගෙන ඇති බවත්
කියයි.සැකකරුගේ පියා මේ වන විට ජපානයේ රැකියාවකට ගොස් ඇති අතර
මොහු ඉතා තදින් මත්කුඩු පාවිච්චියට ඇබ්බැහිව සිටිය බවත් ඒ සදහා අවශ්‍යය
මුදල් සොයා ගැනීම පිණිස මෙසේ මතුකතුඩු ගෙනැවිත් අලෙවි කරමින්
ලැබෙන මුදලින් ඔහුද මත්කුඩු උරා ඇති බවත් කියයි.
මීගමුව බන්ධනාගාරයේ සිටින රැදවියෙකු වෙත දුරකතන පණිවුඩයක් ලබා
දීමෙන් පසු ඔහු වෙත අවශ්‍යය මත්කුඩු ලබා ගත හැකි වු බවත් සිදු කළ ප්‍රශ්ණ
කිරිම් වලින් අනාවරණය කර ගත් බවත් කියයි.මත්කුඩු සදහා මුදල් බැංකුවේ
තැන්පත් කළ පසු අවශ්‍ය මත්කුඩු පිටත සිටින අයෙකු මගින් තමන්ට ලබා ගත
හැකිවු බවත් සැකකරු සිය කටඋත්තරයට ඇතුළත් කර තිබු බවත් කියයි.
සැකකරු හා මත්කුඩු තොගය මේ වන විට වෙන්නප්පුව පොලිසිය වෙත බාර
දී ඇති අතර රැදවුම් නියෝගයක් ලබා ගෙන සැකකරුගෙන් තව දුරටත්
වෙන්නප්පුව පොලිසිය ප්‍රශ්ණ කිරිම් කරණ බවත් කියයි.
හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රවය්‍ය නිවාරණ ඒකකයේ ස්ථානාධිපති පොලිස්
පරික්ෂක බුද්ධික සංජීව සැරයන් වරුන් වන ජයරත්න 54636 නිමල් 52615
ගුණරත්න 41402 සහ කොස්තාපල්වරුන් වන විජේබණ්ඩාර 71948 සංජීව
82065 වීරසේකර 96273 කාන්තා පොලිස් කොස්තාපල් නිලන්ති 1703 යන
නිලධාරින් මෙම වැටලිම සිදු කර ඇත.
ඔගස්ටින් ප්‍රනාන්දු