ගිරිඋල්ල නාරංගොඩ දික්හේනවත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ හත්දෙනෙකු අද (13) ස්වයං නිරෝධායනයට ලක්කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.
එහි වැඩිදුරටත් සදහන් වන්නේ නිරෝධායනයට ලක්කර ඇති අය අතර එකම පවුලේ මව , පියා ඇතුඵ දියණියන් 03 ක් හා ඥාති පුතෙකු සමඟ නැන්දනියක්ද සිටින බවයමෙම පිරිස පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි ඔවුන්ගේ  ඥාතිවරයෙකුගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගිවී ඇති අතර එම පිංකමකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථයට අන්යුක්තව සේවය කළ විශේෂ කාර්ය බලකායේ නිලධාරීවරයෙකු පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසා ඇති බැව්ද සදහන්ය.

එම නිලධාරීවරයා  කොරෝනා ආසාදිතකයෙකු බවට අද (13) තහවුරුවීමත් සමඟ මෙම පිරිස ස්වයං නිරෝධායනයට ලක්කළ බවත් ඔවුන් හෙට  (14) පී සී ආර් පරීක්ෂණ සඳහා කුලියාපිටිය මූලික රෝහලට යොමුකරන බවත් සෞබ්‍ය වෛද්‍ය කාර්යලය පවසයි.

පන්නල සෞබ්‍ය වෛද්‍ය නිලධාරිනි සාමා හේරත් මහත්මියගේ උපදෙස් මත නාරංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක මුජීෆ් මහතාගේ මැදිහත්වීමෙන් මෙම පිරිස ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.