උණ සහ සෙම රෝගයෙන් පෙළුණු 23 හැවිරිදි තරුණයෙකු මුන්දලම රෝහලට අද උදේ ඇතුල් කර ඇති අතර මෙම තරුණයා ඇතුල් කර ටික වේලාවකදී මියතොස් තිබේ. ඉන්පසුව මුන්දලම රෝහලේ පරිපාලන නිලධාරීන් විසින් පුත්ලම් දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂකවරයාවද දැනුවත් කර රෝහල තාවකාලිකව වසා දමන ලදී. පසුව රෝහල විෂභීජහරණය කිරීමෙන් පසුව මුන්දලම රෝහල නැවත විවෘත කර ඇති බවත් වාර්තාවේ. මෙසේ මියගිය තරුණයා මුන්දලම මහසෙම්බුකුලිය ප්‍රෙද්ශයේ ජීවත්වන සිය මව බැලිම සදහා ගොස් සිටි අවස්ථාවේදී මේ ආකාරයට අසනීප වී ඇති බව වාර්තා වේ. මොහු මාරවිල නැගෙනහිර වීරහේන ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක් පවද වාර්තා වේ. ඔහුගේ රුධිර සාම්පල මේවනවිට පරීක්ෂාව සදහා ගෙනගොස් ඇති අතර කොවිඩ් 19 ආසාධානය වී ඇති බවට මේ වන තෙක් තහවුරු වී නොමැති බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.