(11.38pm) කොරෝනා වෛරසය වැළදී ඇති බවට හදුනා ගෙන ඇති 25 හැවිරිදි තරුණියක්ව නාත්තන්ඩිය – කොට්ටරාමුල්ල ප්‍රදේශයෙන් හමුවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.මාරවිල මූලික රෝහලේදී සිදුකරන ලද පී.සී.ආර්.පරීක්ෂණයකදී මෙම රෝගියා හදුනා ගෙන ඇත.
හදුනා ගෙන ඇති තරුණිය කන්දකාඩු මත් ලෝලීන් පුනරුත්තාපනය කරන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස කටයුතු කර ඇති අයෙකි.පසුගි දින වැලිකඩ සිර ගෙදරින් හමුවූ කොරෝනා ආසාධිතයා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදී සිටින විට එම අයගේ උපදේශිකාවක් ලෙස මෙම තරුණිය කටයුතු කර ඇත.
ආසාධනය වී ඇති තරුණියගේ සමීපතයින් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විමර්ශණයක් ආරම්භ කර ඇත.
ජුඩ් සමන්ත.