ආරච්චිකට්ටුව -ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ හට ගත් හදිසි ගින්නකින් අක්කර 10 කට වැඩි ප්රමාණයක් විනාශයට පත් වී ඇත. 05 වැනිදා දහවල් මෙම ගින්න හට ගෙන තිබුණි.වන ජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව කාර්යාලයේ නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කරන ලදි. මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණික තත්ත්වය සහ විටින් විට හමා යන සුළග නිසා ගින්න කඩිනමින් පැතිර ගිය බව වන ජීවී නිලධාරීන් සදහන් කරයි.ගින්න ඇති වූ ආකාරය මෙතෙක් අනාවරණය වී නැත.
ඡායාරූප – ජූඩ් සමන්ත