Friday, November 22, 2024

කොවිඩ් වසංගතයෙන් අසරණවූ  මැලේසියාවේ සිටින ශ්‍රී ලාංකිකයෝ

Must read

WhatsApp Image 2020-06-19 at 7.25.57 PM (1) WhatsApp Image 2020-06-19 at 6.23.10 PM WhatsApp Image 2020-06-19 at 7.25.56 PM

කොරෝනා වසංගතය හේතුවෙන් මැලේසියාවේ – ක්වාලාලම්පූර් නගරයේ සිරවී සිටින තමන්ව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාකිකයින් පිරිසක් ඉල්ලා සිටී.

විවිධ රැකියා සදහා ගොස් සිටින 200 කට වැඩි පිරිසක් මේ වන විට එරට අසරණ තත්ත්වයට පත්ව සිටින බව ඔවුන් සදහන් කරයි.

පසුගිය මාර්තු මාසයේදී ක්වාලාලම්පූර් නගරය ඇතුළු නගර කීපයක් වසා දැමීමට මැලේසියාණු රජය කටයුතු කර ඇත.ඒ සමගම එතෙක් කරගෙන ආ රැකියා කටයුතුද තමන්ට අහිමි වූ බව ඔවුන් කියා සිටී.

ඒ අනුව කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව තැන තැන සිරවී අසරණ වී සිටින තමන්ට මව් රටට පැමිණීමට අවශ්‍යතාවය ඇති බවද ඔවුන් සදහන් කරයි. තමන්ට මව්රටට පැමිණීම සදහා විශේෂිත ගුවන් යානයක් මැලේසියාවට එවනවාට වඩා එරට ගුවන් යානයකින් පැමිණිය හැකි බවද ඔවුන් කියා සිටී.නමුත් මැලේසියාවේ ගුවන් යානා වලට මෙරටට ගෙඩ බැස්සවීමට මෙරට බලධාරීන් අකමැත්ත පල කිරීම නිසා දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව සිටින්නේ තමන් බවද එම පිරිස කියා සිටී.

“ඇතැම් දවස් වලට අපිට කන්න නැහැ.දවස් කීපයක්ම බිත්තරයක් එක්ක බත් ටිකක් විතරයි ආහාරයට ගත්තේ.අපි දැනට රැදිලා ඉන්න තැන් වල සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද සෑහීමකට පත් වෙන්න බැහැ.වෙනත් රටවල් වලින් මැලේසියාවට ගොස් සිටි අය මේ වන විට ඔවුන්ගේ රටවල් වලට පිටත් වෙලා ගිහිං.නමුත් අපිට තමයි තවම මව් රටට එන්න විධියක් නැත්තේ.ඒ නිසා ජනාධිපතිතුමා ඇතුළු සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිනේ කඩිනමින් අපිව මව් රටට ගෙන්වා ගන්නා ලෙසයි.” ඔවුන් කියා සිටී.

මාස 03 ක් වැනි කාලයක් කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව අතේ තිබූ මුදලින් ජීවත් වන තමන්ට තවත් වැඩි කාලයක් ඒ ආකාරයට එරට රැදී සිටීමට හැකියාවක් නොමැති බවද ඔවුන් සදහන් කරයි.


ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article