Monday, November 25, 2024

අතහැර දැමූ වලකට වැටි තරුණයෙකු මියයයි

Must read

  22

(15.41pm)ආඩිගම කට්ටකඩුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන කසිප්පු තිප්පොලක ඇති ජලය සහිත වළකට වැටීමෙන් තරුණයෙකු මිය ගොස් ඇත. මිය ගොස් ඇත්තේ ආඩිගම නාගවිල පදිංචිකරුවෙකු වන මෙත්තසිංහ ආරච්චිගේ සුසිල් ප්‍රනාන්දු(අවු: 26) නම් අවිවාහක තරුණයෙකි. මිය ගොස් ඇති අයගේ මිතුරෙකු විසින් 16 වැනිදා රාත්‍රීයේ කරන ලද දැණුම් දීමක් අනුව ආණමඩුව පොලීසිය පැමිණ මළ සිරුර සොයා ගෙන තිබුණි.

මිය ගොස් ඇති අය තමන්ට 16 වැනිදා සවස කථා කළ බවත්,රාත්‍රී 8.30 ට පමණ තමන් ඔහුට නැවත දුරකතන ඇමතුමක් ලබා දුන්නත් ප්‍රළිතුරක් නොමැති නිසා ඔහු සේවය කරන කසිප්පු තිප්පොලට පැමිණ බලන විට මළ සිරුර දුටු බවද පොලීසියට තොරතුර දුන් අය පවසා ඇත.මෙම කසිප්පු තිප්පොල කාගේද යන්න තමන් නොදන්නා නමුත් මිය ගොස් ඇති අය එහි සේවය කරන බව පමණක් දන්නා බවද එම අය වැඩිදුරටත් පොලීසිය සමග පවසා ඇත.14

මිය ගොස් ඇති අයගේ බවට සැකකරන පා වහන් යුවලක්,විදුලි පන්දමක් සහ ජංගම දුරකතනයක්ද මළ සිරුර ඇති ස්ථානයට යාබදව තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මිය ගොස් ඇති අය අපස්මාරය රෝගයෙන් පෙළෙන අයෙකු බව ඔහුගේ ඥාතීන් පොලීසිය හමුවේ පවසා ඇත.ඒ අනුව මෙම අය කසිප්පු නිෂ්පාදනය කිරීමට සුදානම් වන විට ඒ ආසන්නයේ ඇති ජලය සහිත වළට වැටෙන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

කසිප්පු තිප්පොල පවත්වා ගෙන ගොස් ඇති ප්‍රදේශය පුරා බොරළු කැපීමෙන් අනතුරව අතහැර දමන ලද වළවල් විශාල ප්‍රමාණයක් දක්නට ඇත.එමෙන්ම මෙම ප්‍රදේශය තුළ නිරන්තර වන අලින් ගැවසෙන නිසා පිටස්තර පුද්ගලයින් නොපැමිනෙන බවද ප්‍රදේශවාසීන් සදහන් කරයි.

මිය ගොස් ඇති අයගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.202203


ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article