(9.22am) 2020 පාර්ලිමේන්තු මැතිවරණය සදහා වන පෙරහුරු මැතිවරණයක් 14 වැනිදා පෙරවරුවේ පුත්තලම – උලුක්කාපල්ලම මුස්ලිම් විද්‍යාලයේදී පවත්වන ලදී.මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය,පුත්තලම තේරීම් බාර නිලධාරී චන්ද්‍රසිරි බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියේය
උලුක්කාපල්ලම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය භාවිතා කිරීම සදහා ඡන්ද දායකයින් 2700 ක් පමණ සුදුසුකම් ලබා සිටියත් පෙරහුරු මැතිවරණය සදහා 200 දෙනෙකු තෝරා ගෙන තිබුණි. පුත්තලම දිස්ත්‍රික්කය තුළ ජිවත් වන මන්නාරමේ සිට පැමිණි අවතැන්වූවන් පිරිසක්ද මෙහිදී ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයක් විය.
ජුඩ් සමන්ත.