පුත්තලමයි- කුරුණෑගලයි මෛත්‍රී ළගදී යළි ඇවිලෙයි.
වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය පිළිබද සාකච්ඡා කිරීම සදහා ජනපති මෛත්‍රී විසින් වයඹ පළාත් සභාව නියෝජනය කරන සියඵ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පසුගිය සදුදා පස්වරුවේ කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැදවා තිබිණි. පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීනි මංජුලා දිසානායක පමණක් අදාළ හමුවට පැමිණ නොසිටි අතර අන් සියඵ මන්ත්‍රීවරුන් ජනපති මෛත්‍රීගේ කැදවීමට කීකරුවීමට වගබලාගෙන තිබිණි. ජනපති මෛත්‍රී පැමිණ අසුන්ගැනීමත් සමග සාකච්ඡාව ආරම්භ වූ අතර ශ්‍රීලනිප වැඩබලන මහලේකම් ඇමැති දුමින්ද දිසානායක සහ ඇමැති දයාසිරිද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියහ. සාකච්ඡාව ආරම්භයේදීම මහ ඇමැති තනතුර වෙනුවෙන් පුත්තලම් සහ කුරුණෑගල දිස්ත්‍රික් හබය ජනපති මුලසුනේ සිටියදීම යළිත් වතාවක් ඇදුණේය. අවසන් මොහාතේදීත් සටන අත් නොහළ ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ මහඇමැති තනතුර පුත්තලම් දිස්ත්‍රික්කයට ලබාදීමේ වැදගත්කම ගැන කියන්නට වූ අතර මන්ත්‍රී චින්තක මායාදුන්නේ සහ එම්. එන්. තාහීර් ද සන්ධ්‍යට උදව්වට එක් වී සිටියේය. කුරුණෑගල වෙනුවෙන් ධර්මසිරි, ඇමැති ඞී. බී. මෙන්ම මන්ත්‍රී නිලන්ත රාජපක්ෂද කරුණු දක්වන්නට වීම නිසා රැස්වීම උණුසුම් මුහුණුවරකට හැරීගෙන ආ නමුත් ඒ උණුසුමින් දුම් පිටවෙන්නට ඉඩ නොතබා සිසිල් කරවීමට ජනපති මෛත්‍රී විසින් වගබලා ගත්තේය. මහ ඇමැති තනතුර සදහා කුරුණෑගල සහ පුත්තලම නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනපති ඉදිරිපිට හරඹ කරමින් සිටියදී ජනාධිපති මෛත්‍රී ළගින්ම අසුන්ගෙන සිටි මහ ඇමැති සටනේද ප්‍රබල චරිතයක් වූ මන්ත්‍රී ලක්ෂ්මන් වේඩරුව එක් වචනයක් හෝ නොදොඩා නිසොල්මන්ව සිටිනු පෙණිනි. මහඇමැති තනතුර වෙනුවෙන් පුත්තලම් – කුරුණෑගල හබය සංසිදවීමෙන් පසුව මහඇමැති තනතුර සහ ඇමැතිධූර හිමි විය යුත්තේ කාටදැයි අදහස් පළකරන්නට මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබිණි. අවස්ථාව ප්‍රයෝජනයට ගත් සෑම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුම පාහේ කතා කළ නමුත් ඒ සියඵදෙනාම සෘජුවම සහ වක්‍රව තමන් මහඇමැතිකමට හෝ ඇමැතිකමකට සුදුසු බවට ඇගවීමට වගබලා ගත්හ. තමන්ට මහඇමතිකම එපා යැයි ප්‍රසිද්ධියේම කීවේ ඇමැති දෙහිගම පමණි. ”මම තමයි මනාප ලැයිස්තුව අනුව ඊළගට ඉහළින්ම ඉන්නේ. ඒත් මට මහඇමැතිකම එපා.” දෙහිගම එහිදී කීය. අතුල විජේසිංහ තමන් විසින් මහ ඇමැතිධූරය දැරූ කාලයේ කළ කී දෑ සහ ඒ ඒ ක්ෂේත්රවල ඇති කළ සංවර්ධනය ගැනද සදහන් කරමින් තමන්ට මහඇමැතිකම ලැබිය යුත්තේ ඇයිදැයි දීර්ඝ ලෙස විග්රහ කළේය. ”ඔබතුමා කොච්චර කාලයක් මහ ඇමැති තනතුරේ හිටියද ?” ජනපති මෛත්‍රී අතුලගෙන් ඇසීය. ”නාවින්න මහත්තයාගෙන් පස්සේ අවුරුදු දෙකයි. ඊට පස්සේ වාර දෙකයි සර්.” අතුල පැවසීය. ඞී. බී. හේරත්ද තමන් මහඇමැති ධූරය බලාපොරොත්තු වන බව අගවමින් තමන් විසින් හෙබ වූ කෘෂිකර්ම, සෞඛ්‍ය වැනි ඇමැතිධූර ගැනද විශේෂයෙන් සදහන් කළ අතර ”දයාසිරි මහඇමැතිතුමාට පස්සේ වැඩිම මනාප තිබුණේ මට.” යැයි කියා වටපිට බලද්දී මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු තමා දෙස බලාගෙන සිටින බව දුටුවේය. ”අපේ ජොහාන් ප්‍රනාන්දු මන්ත්රීතුමාත් මට වැඩිය මනාප වලින් ඉස්සරහින් ඉන්නවා. එතුමා දැනට අපේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා විදිහට වැඩකරනවා.” යැයි කියූ ඩී. බී. තමාගේ කටින් පැන්න වචනය හීන්සීරුවේම නිවැරදි කරගත්තේය. මන්ත්‍රී පියුමාල් හේරත්ද මෙහිදී කතා කළේය. ” මම මෙච්චර කාලයක් පළාත් සභවේ තනතුරු ගැන කතා නොකළේ ගෙදරට ඇමැතිකමක් තිබිච්ච නිසයි. නමුත් දැන් අපේ ගෙදරට ඇමැතිකමක් තියා මන්ත්‍රීකමක්වත් නෑ. ඒ නිසා මනාප ඡන්දවලින් ඉස්සරහින්ම ඉන්න මන්ත්‍රීවරයෙක් සහ පක්ෂය වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරපු තරුණයෙක් විදිහට පළාත් සභාවේ තනතුරු සම්බන්ධයෙන් කතාකිරීමේ අයිතියක් මටත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ” යැයි කියූ පියුමාල් ඔහු විසින් පසුගිය සමයේ කළ ක්‍රියාකාරකම් පිළිබදව දීර්ඝ විස්තරයක් කළේය. මැති ඇමැතිසියඵ දෙනාම කතා කර ඉවර වූ පසුව කතා කළේ මන්ත්‍රී අසංක නවරත්නය. මන්ත්‍රිවරුන් අසුන්ගෙන සිටි පිළිවෙළ දෙස බලද්දී ජනපති මෛත්‍රීට දුරින්ම වාඩි වී සිටියේද සමන්ප්රිය සහ අසංකය. අසංක කතා කළේ තමන් ළගින් අසුන්ගෙන සිටි සමන්ප්රියගේ නමද ඈදා ගනිමිනි. ”ජනාධිපතිතුමනි, ඔබතුමා ඔය කෙරවලේ වාඩිවෙලා ඉද්දී සම සමාජ පක්ෂයයි, මහජන පක්ෂයයි මේ කෙළවරේ වාඩිවෙලා ඉන්නවා. පොදුජන එක්සත් පෙරමුණ කාලේ ඉදලාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල්කරගෙන හැදුණු සන්ධාන දිනවන්න අපි විශාල කැපකිරීමක් කළා. නමුත් පහුගිය කාලේ පුරාම ඒවාට සාධාරණයක් ඉෂ්ට වුනේ නැහැ. ඒ නිසා ඔබතුමාට දුරින් වාඩිවෙලා හිටියත් අපි දෙන්නත් ඉන්නවා කියන්නයි මම මේ කතා කළේ.” යැයි අසංක කීය.
ධර්මසිරි මහඇමැතිට අදිද්දී පළාත් සභා රැස්වීමේ ජංජාල.
ගෙවී ගිය සතිය දෙස ආපහු හැරී බලද්දී එහි වඩාත් උණුසුම් දිනය බවට පත් වූයේ පසුගිය අගහරුවාදාය. සති ගණනක් තිස්සේ පැවැති මහ ඇමැති පොරයට තිත තබමින් ධර්මසිරි දසනායක මහතා වයඹ පළාතේ නව මහඇමැතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය අගහරුවාදා උදෑසනය. වැඩි සද්ද බද්දයක් නැතිවම මහ ඇමැති තනතුරේ දිවුරුම්දීමට වගබලාගෙන තිබූ හෙයින් ධර්මසිරි දිවුරුම් නව මහඇමැති ලෙස දිවුරුම් දෙන තුරුම වයඹ වැඩි දෙනෙක් ඒ පිළිබදව නොදැන සිටියහ. වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු පවා ඒ පිළිබදව දැන නොසිටි අතර ඔවුන්ගෙන් බොහෝදෙනකු පවා ධර්මසිරි මහ ඇමැති ලෙස දිවුරුම් දී ඇති බව දැනගත්තේ අතේ තිබූ ජංගම දුරකථනයට ප්රවෘත්ති සේවා මගින් කෙටි පණිවිඩ ලැබෙද්දීය.
ධර්මසිරි වයඹ නව මහ ඇමැති ලෙස කොළඹ දිවුරුම් දෙද්දී ඉන් ටික වේලාවකට පසුව කුරුණෑගල පිහිටි වයඹ පළාත් සභා සංකීර්ණයේදී ආරම්භ වූ වයඹ පළාත් සභා රැස්වීම එකම ජංජාලයක් බවට පත් වී තිබිණි. ඒ වයඹ පළාත් සභා රැස්වීමේ මුල් පුටු වැඩි ප්‍රමාණයක් මෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අසුන් ගණනාවක්ම එදින හිස් වී තිබීම නිසාය. ධර්මසිරි මහ ඇමැති ලෙස පත්වීමත්, ටිකිරි අධිකාරී අසනීපවීමත් නිසා සභාපති පුටුවත්, නියෝජ්‍ය සභාපති පුටුවත් දෙකම එදින පැවැතුණේ හිස්වය. ඒ නිසාම පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස සැලකෙන පියසිරි රාමනායක මුලසුනෙහි වාඩිකරවා සභාව පවත්වාගෙන යන්නට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පළාත් සභා රැස්වීම ආරම්භවීමට පෙරම එකගතාවයක් ඇති කරගෙන තිබිණි. පියසිරි විසින් මූලාසනයෙහි අඩුව මැකූ නමුත් එදින සභාවට සභාවට පැමිණ නොසිටි මහ ඇමැති ධර්මසිරිගේ මෙන්ම , තවමත් පුරප්පාඩු පුරවාගන්නට බැරි වූ කෘෂිකර්ම අමාත්‍ය අසුන, විපක්ෂ නායක අසුන සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ අසුනද පැවැතූණේ හිස් වූ ගමන්ය. මේ මුල් පුටු හිස් වී තිබීම මෙන්ම සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසකගේ ආසනද හිස් වී තිබීම එදින පළාත් සභා රැස්වීමේදී කැපී පෙණිනි. එයිනුත් වැඩි ආසන ප්‍රමාණයක් හිස් වී පැවතියේ ආණ්ඩු පක්ෂය පැත්තේ බව වඩාත් හොදින් කැපී පෙණිනි. මේ අතරින් මන්ත්‍රී සෝමසිරි ගුණතිලක සහ මන්ත්‍රී නිලන්ත රාජපක්ෂ ඇතුඵ පිරිසක් ධර්මසිරි දසනායක දිවුරුම් දෙන අවස්ථාව සහභාගීවීමට කොළඹ ගොස් තිබිණි. කුමන හේතූන් මත හෝ මන්ත්‍රීවරුන්ගේ පැමිණීම අඩු වී තිබූ හෙයින් සභා රැස්වීම ආරම්භ කරන විට වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 52 දෙනාගෙන් රැස්වීමට සහභාගී වී සිටියේ විසිදෙනෙකු පමණි. ඒ මන්ත්‍රීවරුන් ප්‍රමාණය වයඹ පළාත් සභා රැස්වීමක ගනපූර්ණය සම්පූර්ණවීම සදහා සභාවේ සිටිය යුතු අවම මන්ත්‍රීවරුන් ගණනද විය. ඒ නිසාම යාන්තමින් ජාම බේරාගෙන සභා රැස්වීම ආරම්භ කළ නමුත් ඊට පැයකට වඩා ආයුෂ නොවීය. ජවිපෙ මන්ත්‍රී නාමල් කරුණාරත්න කතා කරමින් සිටියදී එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සභාවෙන් නැගිට යාමත් සමග සභාවේ ගනපූර්ණය බිදවැටුණු අතර මන්ත්‍රී ශමල් සෙනරත් විසින් ගණපූර්ණය පිළිබදව මූලාසනයෙහි අවධානය යොමු කළේය. මූලාසනයෙහි සිටි පියසිරිගේ උපදෙස් මත සභානායක සුමල් විසින් සභාව කල්තැබෙන යෝජනාව ඉදිරිපත් කිරීමත් සමග පෙරවරු 10.40 ට පමණ සභා රැස්වීමටද නැවතීමේ තිත වැටිණි.
විපක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ දොරෙන් ඇතුඵ වෙති.
අගහරුවාදා පළාත් සභා රැස්වීමට සහභාගී වෙන්නට ආ පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට සභාගැබට ඇතුල්වෙන්නට සිදුවූයේ ආණ්ඩු පක්ෂයේ පිවිසුම් දොරටුවෙනි. සභා සේවකයින්ට සිදු වූ අතපසුවීමකින් විපක්ෂය පැත්තේ දොරෙහි අගුඵ ඉවත්කර නොතිබීම ඊට හේතු වී තිබිණි. මන්ත්‍රී ශමල් ඇතුඵ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභා ගැබට ඇතුඵ වන්නට ආවේ සභා රැස්වීම ආරම්භ කරන්නට විනාඩි කිහිපයක් ඉතිරි වී තිබියදීය. වෙනදාට විවෘතව තැබෙන විපක්ෂයේ පිවිසුම් දොරටුවට අගුඵ වැටී ඇති බව දුටු මන්ත්‍රීවරුන් දොරට තට්ටුකළ නමුත් සභා ගැබේ ඇතුලූ පැත්තෙන් ප්‍රතිචාරයක් නොවීය. ”දැන් ඉතිං මොකද කරන්නේ. අනිත් පැත්තෙන්වත් යමු.” යැයි කී ශමල් ඇතුඵ පිරිස ආණ්ඩු පක්ෂයේ පිවිසුම් දොරටුවෙන් සභාවට ඇතුඵ වූහ. ඒ වන විට සභා ගැබ තුළ රැස්වීමේ කටයුතු ලහි ලහියේ සූදානම් කරමින් සිටි සභා සේවකයින්ට විපක්ෂයේ දොර අගුඵ ලා ඇති බව සිහිපත් වූයේ ආණ්ඩු පක්ෂ දොරෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගැබට ඇතුලූ වනු දැකීමෙනි. එසැණින් විපක්ෂ පිවිසුම් දොරටුවෙහි යතුර සොයාගත් සභා සේවකයෝ ඒ වෙත දිව ගොස් විපක්ෂයේ දොර විවෘත කිරීමට කටයුතු කළහ.
කවදාවත් ඉවර නොවෙන, පළාත් සභා තනතුරු පොර
තනතුරු සදහා වන පොරකෑම්වලින් වයඹ පළාත් සභාවට ළගකදී නම් සැනසීමක් ලැබෙන පාටක් පෙනෙන්නට නැත. ආර්. ඞී. විමලදාසගේ පාර්ලිමේන්තු ගමන හේතුවෙන් දැනට සිව් මසකට පමණ පෙර ආරම්භ වූ නියෝජ්‍ය සභාපති පොරයේ සිට පසුගිය අගහරුවාදා ධර්මසිරි විසින් දිවුරුම් දෙනු ලැබූ මහ ඇමැති තනතුරට ඇල්ලූ පොරය දක්වා වූ තනතුරු ගණනාවකට වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරුන් විසින් මාස ගණනාවක් තිස්සේ අල්ලමින් සිටින්නේ එසේ මෙසේ පොරයක් නොවේ. නියෝජ්‍ය සභාපති තනතුර ටිකිරි අධිකාරිටත්, මහඇමැති තනතුර ධර්මසිරිටත්, විපක්ෂ නායක තනතුර ශමල් සෙනරත්ටත් හිමිවීමෙන් අනතුරුව පළාත් සභාවේ බලපොරවලට නැවතීමේ ලකුණු වැටෙනු ඇතැයි බොහෝ දෙනෙකු සිතා සිටි නමුත් මහ ඇමැති ධර්මසිරි මහ ඇමැති ලෙස දිවුරුම්දීමත් සමග පළාත් සභාවේ ඉහළ තනතුරක් වෙනුවෙන් තවත් බලපොරයකට නලා හැඩවුණේය. ඒ ධර්මසිරි විසින් හොබවමින් සිටි වයඹ පළාත් සභාවේ සභාපති තනතුර වෙනුවෙනි. මේ පොරය තවමත් කල එළි බැස්සේ නැතත් එය මහා කාලගෝට්ටියක් වනු ලකුණු අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදීත් , එය නිමවීමෙන් පසුවත් කළ කී කතාවලින් කියැවිණි. අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදී මූලාසනයෙන් බැස යන්නට මොහොතකට පෙර මන්ත්‍රී පියසිරි රාමනායක විසින් කළ ප්‍රකාශය එක් අතකින් සභාපති තනතුරට තරග කිරීම පිණිස තැබූ මුල්ගලක් බදු විය. නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ධර්මසිරි දසනායකගේ පත්වීම පිළිබදව සභාවට නිවේදනය කරන්නට පළාත් සභාවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස දෛවෝපගත අයුරින් තමාට ලැබුණූ බවත්, ඒ සදහා තමාට අවස්ථාව ලබා දුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියඵ දෙනාට ස්තූතිය පළකරන බවත් පියසිරි එදින මුලසුනෙහි සිට පැවසීය. පියසිරි සිය අදහස් දැක්වීම කරගෙන යද්දී එක් අවස්ථාවක ”ඔබතුමා තමයි පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨයා.” යැයි කියමින් ශමල් සෙනරත් විසින් පියසිරිට දිරි ගන්වන අයුරුද පෙණිනි. පළාත් සභා රැස්වීම කල්තැබූ පියසිරි සෙංකෝලයද පෙරටු කරගෙන සභා ගැබ මැදින් නික්ම යද්දී ”ඔබතුමාට ඔය තනතුරේ දිගටම කටයුතු කරන්න ලැබේවා. ” යැයි මන්ත්‍රීවරයෙකුගේ මුවින් කියැවුණු නමුත් ඒ විපක්ෂය පැත්තේ මන්ත්‍රීවරයෙකුගේ මුවින් කියැවුණ එකක්ද, ආණ්ඩු පක්ෂය පැත්තේ මන්ත්‍රීවරයෙකුගේ මුවින් කියැවුණ එකක්ද යන්න පැහැදිලිව දැක ගත නොහැකි විය. පළාත් සභාවේ සභාපති පුටුව දෙසට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පියසිරි රාමනායක එලෙස අහම්බෙන් මෙන් තල්ලූ කෙරෙද්දී, පළාත් සභාවේ පුස්තකාලය පැත්තෙන්ද සභාපති තනතුරට තරග කිරීම පිළිබදව කතා බහක් ඇරඹී තිබිණි. පළාත් සභා රැස්වීම නිමවීමෙන් අනතුරුව පුස්තකාලයට එක් වී සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන සමන්ප්රිය හේරත්, අසංක නවරත්න, ජවිපෙ මන්ත්‍රී නාමල් කරුණාරත්න සහ ප්රජාතන්ත්රවාදී පක්ෂ මන්ත්‍රී රංජිත් ගුණසේකර අතරේ මේ සාකච්ඡාව ඇති වී තිබිණි. ”මමත් සභාපතිකම ඉල්ලනවා. මට ඒකට ඕන තරම් සුදුසුකම් තියෙනවා. පහුගිය සභාවේ මට දීලා තිබුණු සභානායකකමත් ගත්තා. මහමැතිවරණයටතරග කරන්න තිබුණු අවස්ථාවත් නැති කළා. මටත් මොනවා හරි සාධාරණයක් වෙන්න ඕනෑනේ. ඒ නිසා මමත් සභාපතිකම ඉල්ලනවා.” සමන්ප්රිය පුස්තකාලයේදී එලෙස කීවේය. මට සපොට් එකක් දෙනවා නේද අයියේ ? සමන්ප්රිය ඇසුවේ තමන් ළගින්ම අසුන්ගෙන සිටි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ රංජිත් ගුණසේකරගෙනි. ”නැත්නම්. උඹලා වගේ තරුණයො තමයි ඔය තනතුරුවලට එන්න ඕනෑ.” සමන්ප්රිය දිරිමත්කරන පිළිතුරක් රංජිත්ගේ මුවින් පැන්නේය. ඊළගට සමන්ප්රිය හැරුණේ යාබද අසුනක වාඩි වී පුවත්පතකට නෙත් යොමාගෙන සිටි ජවිපෙ මන්ත්‍රී නාමල් කරුණාරත්න වෙතය. ”මට පොඩි සපෝට් එකක් දෙන්න නාමල් අයියේ. අපි ඉතිං ප්රගතිශීලි කදවුරේ අයනේ. ” සමන්ප්රිය සිනාසෙමින් නාමල්ට කීය. ”හ්ම්. බලමු. බලමු. ”යැයි කී නාමල් දිගටම පුවත්පතට එබීගෙන සිටියා විනා සමන්ප‍්‍රියට අනුබල දෙන වචනයක් පිටනොකරන්නට වගබලා ගත්තේය.
පාර්ලිමේන්තු නොයනවාටත් , කෝටි ගණනක මිලක් !
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයන්ට මිල නියමවීම් පිළිබද අශෝබන අත්දැකීම් ලාංකීය දේශපාලනයට ආගන්තුක නොවන නමුත් මෙතෙක් කල් එවැනි මිල නියමවීම් පිළිබදව අහන්නට දකින්නට ලැබුණේ ජාතික දේශපාලනය තුළ සිදුවන පිල් මාරුකිරීම් වැනි තීරණාත්මක අවස්ථාවන් වලදී පමණි. නමුත් පසුගිය මහ මැතිවරණය නිමාවීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයන් වෙත මිල නියමවීමේ අඵත් ක්‍රමවේදයක්ද හොර රහසේම එළි දකිනු ලැබිණි. එනම් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වූ ඇතැම් මන්ත්‍රීවරුන් වෙත ඉහළ ලංසු සහිතව යෝජනා කෙරුණු ‘පාර්ලිමේන්තු නොයා සිටීම’ පිළිබද වූ යෝජනාවන්ය. ජනතා කැමැත්තට පයින් ගසා , මුදල් මත සියල්ල තීරණය කෙරෙන සූදු පිටියක හැඩරුවට ලාංකීය දේශපාලනය පත්කරවනු පිණිස නවක මන්ත්‍රීවරුන් වෙත මෙවැනි යෝජනා ලැබෙන්නට පටන්ගත්තේ මහ ජනතාව විසින් ඡුන්දයෙන් පරාජයට පත්කර යැවූ ගෙදර ඇතැම් මැති ඇමැතිවරුන්ගේ විසිනි. මෙම පරාජිත මැති ඇමැතිවරුන්ගේ සුලබ ඉලක්කයන් බවට පත් වී තිබුණේ පළාත් සභා මැති ඇමැතිවරුන් ලෙස කටයුතු කරමින් සිටියදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ය. ඇතැම් පරාජිත දේශපාලනඥයිගේ නියෝජිතයින් බව කියන දේශපාලන ඇම්බැට්ටයින් හරහා මෙම නවක මන්ත්‍රීවරුන් වෙත යෝජනා කෙරී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙහි දිවුරුම් නොදී තවදුරටත් පළාත් සභාවේ කටයුතු කරගෙන යා හැකි නම් ‘දෙගොල්ලන්ටම’ ගොඩ යා හැකි බවය. ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගණනක ලංසුවක් මෙන්ම පළාත් සභාවේ තනතුරක්ද ලබා දිය හැකි බවත් මෙම අතරමැදින් විසින් නවක මන්ත්‍රීවරුන් වෙත යෝජනා කර තිබිණි. නවක මන්ත්‍රීවරයා තවදුරටත් පළාත් සභාවෙහිම සිර කර තබා එයින් ඇතිවන මන්ත්‍රී පුරප්පාඩුවට පරාජිත ලැසිස්තුවේ මුලින්ම සිටිනා සිය ස්වාමී මැති ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවේ දොර විවර කරදීම මේ දේශපාලන තැරුව්කරුවන්ගේ ඉලක්කය වී තිබිණි.
වයඹ පළාත් සභාව නියෝජනය කරමින් සිට මෙවර මැතිවරණයෙන් ජයගත් නවක මන්ත්රීවරයෙකුටද පසුගිය දිනෙක මෙම ලංසුව ඉදිරිපත් වී තිබුණේ පරාජිත දේශපාලඥයෙකුගේ අතවැස්සෙකු හරහාය. පාර්ලිමේන්තු නොයා තවදුරටත් පළාත් සභාව තුළ රැදී සිටීම වෙනුවෙන් ඔහුට නියම වූ ලංසුව වූයේ රුපියල් කෝටි දහයකි. ඊට අමතරව ඉදිරි මාස කිහිපය තුළදී වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධූරයද මේ නවක මන්ත්‍රීවරයා වෙත ලබා දෙන බවට පරාජිත දේශපාලඥයෙකුගේ අතවැස්සා විසින් පොරොන්දු වී තිබේ. තමාට වැදගත් වන්නේ මිල මුදල් නොව අමාරුවේ දිනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බව පවසමින් මේ නවක මන්ත්‍රීවරයා විසින් අදාළ අතවැස්සා ආ පයින්ම ආපසු පිටත්කර යවා ඇත්තේ ඔහුට ගේ ඇතුළට පයක් තබන්නටවත් ඉඩක් නොදෙමිනි. එමෙන්ම අදාළ පරාජිත දේශපාලඥයාගේ අවසන් බලාපොරොත්තුවද වතුරේ යවමින් මේ නවක මන්ත්‍රීවරයා පසුගිය 01 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
උපුටාගැනීම – මව්බිම පුවත්පත