හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද මීගමුවේදී මාධ්‍ය හමුවක් පවත්ව ලදීීී. දිින දෙකක් තුළ සිදුවූූූ තිවීල් සංගමයේ සභාපති ගේ ඝාතනය, හිටපු මිහින් එයාර් කළමණාකරු රජිව් ජයවීරගේ මරණය , මේ රටේ පුද්ගලික ජීවිත වලට මෙන්ම රටේ ප්රජාතන්ත්රවාදයට අනතුරු ඇගවිමක් බව ප්‍රකාශ කරන ලදී. එබැවින් මේ රජය ගෙනයන අදුරදර්ශී වැඩපිලිවෙල නැවැත්වීමට ඉදිරිපත්වීමට මෙන්ම මේ රජය ගෙනයන ප්රජාතන්ත්රවිරෝධී වැඩපිලිවෙල නවත්වන්ඩ මේ රටේ ජනතාවට ,මාධ්‍යයට , රටේ සියලූම සමාජ මාධ්‍ය ජාල වලට ලොකු වගකීමක් ඇති බවත් ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන ,විවිධ සමාජ ව්‍යාපාර වලට ආගමික ව්‍යාපාර වලට සියලූම දෙනාට වගකීමක් තිබෙන බවත් ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.
‘‘ අද වනවිට රටේ මහා ඝාතන රැල්දැලක්න් නිර්මාණය වෙමින් පවතිනවා. මේ ඝාතන රැල්ල අතිශයින්ම භයානකයි. මේ රෙට් තියෙන මාධය නිදහස ,ප්රජාතන්ත්රවාදයට , ස්වාධින කොමිෂන් වලට , පුද්ගල ජීවිත වලට අනතුරුදායකයි. මිනිස්සුන්ගේ ජීවිත අද අනතුරේ , මොකද අපි දන්නවා අද උදේ රජිව් ජයවීර හිටපු ශ්‍රී ලංකන් මිහින් එයාර් කළමනාකරු, එයාගේ සිරුර තියෙනවා අද නිදහස් චතුරස්‍රෙය්. ඒ මිනියේ රස්නේ යන්ඩත් කලින් එයා මැරුනේ කොහොමද කියලා ඉතා ඉක්මනින් එළිදක්වලා තිබුණා. මෙහෙම ප්‍රසිද්ධ ස්ථානයක මේ ආකාරයට සියදිවි නසාගැනීම් සිදුවෙනවද ? මේක හරිම අසාමාන්‍යයයි. ඔහු කලම්බු ටෙලිග්රාෆ් එකට ලිව්වා .එයාර් ලයින් එකට එයාර් බස් ගනුදෙනුවෙන් බිලියන දෙසිය අනූවක අලාභයක් වෙලා තියෙනවා කියලා මිහින් එයාර් එකෙන්. ඒක නිසා මේ මරණ ගැන ජනතාවට සැක හිතෙන්ඩ කරුනු කාරණා තියෙනවා.
දින දෙකකට පෙර ත්‍රීවිල් සංගමයේ සභාපති කෘෘර ලෙස ඝාතනය කළා. රජය ලබාදුන් සහනය ,ෆිනෑන්ස් සහනය ලබාගැනීමටයි ඔහු ෆිනෑන්ස් සමාගමකට ගියේ. ඔහුගේ ප්‍රශ්ණයක් නෙමෙයි. තමන්ගේ සංගමයේ සහෝදර සාමාජිකයෙක්ගේ ප්රශ්නනයකට. එතකොට එලිපිට,මහා දවල් මහ මග, පොලු මුගුරු වලින් ගහලා , එලිපිට ඒ මනුස්සයා මරලා දැම්මා. පුද්ගලයෙක්ගේ ජීවිත ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක්.
පොලු වලින් ගහලා මරන එක තමයි අලුත්මම සිස්ටම් එක වෙලා තියෙන්නේ, ලී කෙළිය තමා අලුත්ම සිස්ටම් එක වෙලා තියෙන්නේ , අපි හිතනවා රජයේ මැර හමුදා මේවන විට ක්‍රියාත්මක වෙනවා කියලා. මේ මැර හමුදා වලට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. මහ මග මහ දවල් මිනී මරන්ඩ ලයිසන් එකක් දුන්නේ කවුද කියලා අපි අහනවා. මේ සංස්කෘතිය අහවර කිරීම ශිෂ්ටාචාරයේ සැම පුරවැසියෙක්ගේම වගකීමක්.
අපි දකිනවා අද සමාජ දේශපාලන අර්බුදයකට මේ රට පත්වෙලා හමාරයි. කියලා. මේක කොවිඩ් 19 නිසාම නෙමේ. මේ රජය මේ රටේ පාලනය බාරගත්ත වෙලාවේ ඉදන් ඒ තිබුණ වැරදි සහගත, දෝෂ සහගත වැඩපිලිවෙල නිසා තමයි ඒ දේ සුදුවුණේ. ඒ ගොල්ලෝ බදු නිදහස් කරනවා කියලා කිව්වේ ධනපති පංතියට. සමාගම්කරුවන්ට කොම්පැණී කාරයින්ට. දුප්පත් ජනතාවට නෙමේ.”
විජිත් විජයමුණු සොයිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් තරග වදිනු ලබයි.