(10.42am) කොවිඩ් -19 වෛරසය මර්දනය කරමින් රට යළි යථා තත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක නිරෝධායන නීතීන්වලට යටත්ව ජනතාවට යළි ආගමික ස්ථාන වෙත යාමට අවස්ථාව සලසා දෙන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ රජයෙන් ඉල්ලීමක් කරති.
මීගමුව, මහවීදිය ශාන්ත මරියා දේවස්ථානයේ ඊයේ (07) පෙරවරුවේ ඉරුදින දිව්‍ය පුජා යාගය සිදුකරමින් අගරදගුරු හිමිපාණන් මෙම ඉල්ලීම සිදු කළහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමියන් පෙන්වා දුන්නේ කොරෝනා වසංගතය හමුවේ දිව්‍ය ජූජා නතර කර දේවමෙහෙය නතර කිරිමට කටයුතු කළ බවයි.
සෙසු ආගම්වලින්ද මේ සඳහා අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලා සිටින බවද පැවසු කාදිනල් හිමියන් දැනටමත් මේ ගැන ලිඛිත ඉල්ලීමක් රජයෙන් සිදුකර ඇතැයි ද පෙන්වා දී තිබේ.