පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරන ලද ධර්මදේශණයක් සහ ආගමික වැඩ සටහනක් ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී 05 වැනිදා පවත්වන ලදි. ඉරණවිල ශ්‍රී බෝධිරුක්කාරාමාධිපති පුජ්‍ය කළුගමුවේ පංඤ්ඤාසාර හිමියන් විසින් ආගමික වැඩ සටහන සිදු කරන ධර්මදේශණය පවත්වන ලදි.
ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ආසාධිතයින් සදහා විශේෂයෙන්ම සවි කරන ලද ශබ්ද උපකරණ මගින් ධර්මදේශණයට සවන් දීමට සහ ආගමික වතාවත් වලට සහභගි වීමට අවස්ථාව ලබා දී තිබුණි. ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම ආගමික වැඩ සටහන සදහා සහභාගි විය.
ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ මේ වන විට ආසාධිතයින් 52 කු ප්‍රතිකාර ලබමින් සිටී.
ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය දිමුත් පොන්වීර,විශේෂඥ කායික වෛද්‍ය ජූන් බර්නාඩ්,ප්‍රධාන හෙද නිලධාරීණී ධම්මිකා ගෝමස් යන මහත්මා මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.