Saturday, September 21, 2024

මැදගම ප්‍රදේශයේ සිටින ආගන්තුක සමනළයින් ආක්‍රමණික කෘමින්ද ?

Must read

06(1) 09 03 10
මාදම්පේ – මැදගම ප්‍රදේශය පුරා දක්නට ඇති ආගන්තුක සමනළ විශේෂය ආක්‍රමණශීලී කෘමියෙකු නොවන බවට විශ්වාස කරන්නේ යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාදම්පේ සහකාර අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය පවසන්නීය.

මැදගම ප්‍රදේශයේ ස්ථාන කීපයකදී මෙම සමනළ විශේෂ දක්නට ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.වැඩියෙන් මල් ඇති ගස් වල මෙම සමනළ විශේෂය දක්නට ඇත.රාත්‍රී කාලයේ පියාඹා යන මෙම සමනළයා දිවා කාලයේදී ගස් වල සහ විදුලි රැහැන් වල රැදී සිටින බවක්ද දක්නට ඇත.

ආක්‍රමණශීළී කෘමියෙකු නොවන බවට විශ්වාස කළත් මෙම සත්ත්ව විශේෂය සම්බන්ධයෙන් තව දුරටත් සොයා බැලීම සදහා පේරාදෙණියේ පිහිටි කීට විද්‍යා අංශයට සාම්පල යොමු කරන බවද සහකාර අධ්‍යක්ෂිකාව පැවසුවාය.එමෙන්ම මෙම සත්ත්ව විශේෂයෙන් වගාවන් වලට හානි සිදු වන්නේ දැයි අවධානයෙන් සිටින බවද ඇය සදහන් කලාය.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article