Saturday, September 21, 2024

හලාවත මහා රෝහලට පිළිකා රෝගීන් පරීක්ෂා කර ප්‍රතිකාර කිරීමේ ඒකකයක්

Must read

01
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පිළිකා රෝගීන් පරීක්ෂා කර ප්‍රතිකාර කිරීමේ ඒකකයක් හලාවත මහා රෝහල තුළ ස්ථාපනය කර ඇත.

මෙම ඒකකයේ වැඩ කටයුතු 03 වැනිදා පෙරවරුවේ ආරම්භ විය.

පුත්තලම දිස්ත්‍රික්කය තුළ පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කරන එකම ඒකකය ස්ථාපනය කර ඇත්තේ හලාවත මහා රෝහල තුළය.මේ වන විට 2000 ක පමණ වූ  පිළිකා රෝගීන් ප්‍රමාණයක් සායන සදහා පැමිනෙන බවත්,සෑම වසරකම රෝගීන් 600 ක් පමණ අළුතින් එකතු වන බවත් හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා පැවසීය.

දුර බැහැර සිටින රෝගීන්ට ප්‍රතිකාර ගැනීම සදහා හලාවත මහා රෝහලට පැමිණීමට ඇති අපහසුතාවය සහ එසේ පැමිණෙන රෝගීන්ගේ අනන්‍යතාවය හෙලි නොකිරීම අරමුණු කර ගෙන මෙම ඒකකය ආරම්භ කිරීමට කටයුතු කර ඇත.රෝගීන් සමග සාකච්ඡා කර අනතුරුව ඔවුන්ට අවශ්‍ය ඖෂධ තැපැල් මගින් යොමු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.

මෙවැනි ඒකකයක් දිවයිනේ ආරම්භ කරන ලද්දේ ප්‍රථම අවස්ථාවට බවත්, මෙම ක්‍රමය සෙසු වෛද්‍ය සායන සදහාද හදුන්වා දීමටද අදහස් කරන බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසීය.

හලාවත මහා රෝහලේ පිළිකා රෝග වෛද්‍ය විශේෂඥ නුරාහ් ජෝෂප් සහ වෛද්‍ය රෆාඩ් ජමාල්දීන් යන මහත්වරුන් විසින් නව ක්‍රමය හදුන්වා දී ඇත.


ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article