සභාපති, ප්‍රධාන අමාත්‍ය සහ විපක්ෂ නායක ඇතුඵ වයඹ පළාත් සභාවේ ප්‍රධාන තනතුරු හොබවන මන්ත්‍රීවරුන් ගණනාවකගේ සහභාගීත්වයෙන් තොරව වයඹ පළාත් සභාව අද ( 08 දා ) රැස් වූ අතර මන්ත්‍රීවරුන්ගේ ගනපුර්ණය නොමැතිවීම හේතුවෙන් එම රැස්වීමද පැයක කාලයකට සීමා විය.
වයඹ පළාත් සභාවේ සභාපතිවරයා, නියෝජ්‍ය සභාපතිවරයා, ප්‍රධාන අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා යන තනතුරු හොබවන මන්ත්‍රීවරුන්ගෙන් තොරව වයඹ පළාත් සභාව අද රැස් වූ අතර වසර තිහක වයඹ පළාත් ඉතිහාසයේ එම තනතුරුවලින් තොරව සභා රැස්වීමක් පැවැත් වූ පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක් වෙයි.
ප්‍රධාන තනතුරුවලට අමතරව වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේද අද සභා රැස්වීමට සහභාගීවීමේ සැලකිය යුතු අඩුවක් දැකගත හැකි වූ අතර වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 52 දෙනෙකුගෙන් අද රැස්වීමට සහභාගී වී සිටියේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණි.
දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වීමෙන් පුරප්පාඩු වී පැවැති වයඹ ප්‍රධාන අමාත්‍ය තනතුර සදහා පළාත් සභාවේ සභාපති තනතුර හොබවමින් සිටි ධර්මසිරි දසනායක මහතා අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපිටදී දිවුරුම් දුන් නමුත් ඒ මහතා සභා රැස්වීමට සහභාගී නොවීය. ධර්මසිරි දසනායක මහතා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වීමත් වයඹ පළාත් සභාවේ සභාපති තනතුරද ස්වයංක්‍රීයවම පුරප්පාඩු වූ අතර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කරන ටිකිරි අධිකාරි මහතා අසනීප තත්වයක් මත අද පැවැති සභා රැස්වීමට සහභාගී වී නොසිටියේය. ජේ. සී. අලවතුවල මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වීමෙන් පුරප්පාඩු වී පවතින වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයට මෙන්ම , හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පුරප්පාඩු වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරටද මන්ත්‍රීවරුන් පත් කිරීම අද දිනයේදීත් සිදු නොවීය. සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වීම නිසා පුරප්පාඩු වූ කෘෂිකර්ම අමාත්‍ය තනතුරටද මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැතිවීම නිසා එම අසුනද අද දිනයේ හිස්ව පැවතිණි.
සභාපතිවරයා සහ නියෝජ්‍ය සභාපතිවරයා යන දෙදෙනාම පළාත් සභා රැස්වීමට සහභාගි නොවීම නිසා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකගත්වය මත වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස සැලකෙන පියසිරි රාමනායක මහතා විසින් මූලසුනෙහි සිට අද වයඹ පළාත් සභා රැස්වීම මෙහෙයවනු ලැබීය.අද පැවැති සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට වයඹ පළාත් සමාජ සේවා ප්රඥප්තිය සම්මත කිරීමට මෙන්ම ප්‍රධාන අමාත්‍යවරයාගෙන් පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කර තිබූ ප්‍රශ්ණ ගණනාවක්ද ඇතුළත් වී තිබූ නමුත් පළාත් සභා රැස්වීම වී මිලදී ගැනීමේ ගැටඵ පිළිබදව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා විසින් කළ මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීමේ ප්‍රකාශයකට පමණක් සීමා විය.
නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රකාශය අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සභාවෙන් පිට වී යනු දැක ගත හැකි වූ අතර පෙරවරු 10. 30 ට පමණ නැගී සිටි එජාප මන්ත්‍රී ශමල් සෙනරත් මහතා විසින් සභාවේ ප්‍රධාන තනතුරු දරණ මන්ත්‍රීවරුන් රැස්වීමට සහභාගි වී නොසිටීම මෙන්ම සභාවේ ගනපූර්ණය නොමැතිවීම පිළිබදවත් සලකා බලා සභාවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම පිළිබදව සලකා බලන්නැයි මුලසුන හොබවමින් සිටි පියසිරි රාමනායක මහතාගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී නැගී සිටි වයඹ පළාත් සමාජ සේවා අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතාද මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය නොමැතිව එදින සම්මත කිරීමට නියමිත වයඹ පළාත් සමාජ සේවා ප්රඥප්තිය සම්මත කිරීමද ගැටඵ සහගත බව මුලසුන වෙත පැවසීය.
මැති ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මූලාසනාරූඪ පියසිරි රාමනායක මහතා සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන්නැයි සභා නායක සුමල් තිසේරා මහතාට දැනුම් දුන්නේය. සභාව කල්තැබීමට පෙර මුලසුනෙහි සිට සභාව ඇමැතූ පියසිරි රාමනායක මහතා වයඹ පළාත් සභා ඉතිහාසයේ සුවිශේෂී දිනයක් වන අද දිනයේ මුලසුන හොබවන්නට තමාට
අවස්ථාව ලැබීම පිළිබදව සතුටු වන බව පැවසීය. නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ධර්මසිරි දසනායක මහතාගේ පත්වීම පිළිබදව සභාවට නිවේදනය කරන්නට පළාත් සභාවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස දෛවෝපගත අයුරින් තමාට ලැබුණූ බවත්, ඒ සදහා තමාට අවස්ථාව ලබා දුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියඵ දෙනාට ස්තූතිය පළකරන බවත් පැවසීය.
වයඹ පළාත් සභාව සැප්තැම්බර් මස 22 වැනිදා යළි රැස්වීමට නියමිතය.
පියසිරි රාමනායක මහතා මූලාසනය වෙත පැමිණි අයුරු.
පියසිරි රාමනායක මහතා මූලසුනෙහි සිට වයඹ පළාත් සභා රැස්වීම මෙහෙය වූ අයුරු
මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය අඩුවීමෙන් පළාත් සභා රැස්වීමේ අසුන් බොහොමයක් හිස් ව තිබූ අයුරු