ඉතාලිය මාස දෙකකට ආසන්න කාලයක් වසා දැමීමෙන් පසු එහි වසා දැමූ ගුවන් තොටුපළවල් දෙකක් වන රෝමයේ සියම්පිනෝ සහ ෆ්ලෝරන්ස් හි පෙරෙටෝලා යළිත් විවෘත කිරීමට සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ගුවන් ගමන් සඳහා මැයි 4 වනදා ගුවන් තොටුපල නැවත විවෘත කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා කෙටි ප්‍රකාශයකින් පවසා ඇත.
වෛරසයට ගොදුරු වූ ඉතාලිය සැප්තැම්බර් දක්වා සිය පාසල් වසා දමා ඇති නමුත් මාස දෙකක අගුලු දැමීමේ කාලය තුළ හුදකලා වූ දරුවන්ට සෙල්ලම් කිරීම සදහා ළදරු පාසල් විවෘත කිරීමට හා කුඩා ගිම්හාන පාසල් එළිමහනේ පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවද වාර්තා වේ.
www.thelocal.it