Sunday, November 24, 2024

නැවත ධීවර රැකියාවට යාමට 50% ඉන්ධන සහනයක් ලබාදෙන්න -බහුදින යාත්‍රා හිමියන් ඉල්ලයි

Must read

15(1)(11.16am)  මාසයකට අධික කාලයක් බහුදින ධීවර  කර්මාන්තයේ නියලෙන ධිවර ජනතාව  සිය රැකියාවෙන් ඉවත්වී සිටියේය. බහුදින යාත්‍රා හිමියන් මෙම තීරණය ගෙන තිබුණේ තොරෝනා වංසගතය හේතුවෙන් දිණ ගණනාවක් මුහුදේ යාත්‍රා කිරීම ඔවුන්ට අනතුරුදායක විය හැකි බැවිනි. ඔවුන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියේ  සිය රැකියාවෙන් ලැබු පාඩුව නිසා ඔවුන් මහත් අර්බුදයකට මුහුණ දී ඇති බැවින් ඒ වෙනුවෙන් දීමනාවක් හෝ සහනයක් ලබාදෙන ලෙසයි.  මාසයකට අධික කාලයක් මෙම බහුදින යාත්‍රා වරායන්හි ගාල්කර තිබුණී. ඉදිරියේදී මෙම යාත්‍රා නැවත ධීවර කටයුතු  සදහා යෙදවීමේදි ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ඉන්ධන සදහා වැයවන මුදලයි.

දැනට මෙරට ධීවර වරායන්හි ගාල් කර ඇති සියළුම බහුදින යාත්‍රා නැවත මසුන් මැරීම සදහා පිටත් කර හැරීමට නම් එම යාත්‍ර වලට ඉන්ධන ලබා ගැනීම සදහා රජය විසින් 50% ක සහනාධාරයක් ලබා දීමට කටයුතු කළ යුතුව ඇතැයි සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේසංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා සදහන් කරයි.

බහු දින යාත්‍රාවක් මසුන් මැරීම සදහා පිටත් කර හැරීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වන බවත්,පසුගිය දින වල තමන් අල්ලා ගෙන එන මාළු අපනයනය කිරීමට නොහැකි වීම නිසා දේශීය වෙළද පලට ඉතා අඩු මිළකට අලවි කිරීම තුළින් විශාල ලෙස පාඩු ලැබීම නිසා මෙම ඉල්ලීම සිදු කරන බවද හෙතෙම කියා සිටියේය.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article