Sunday, November 24, 2024

20 වනදා ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Must read

640px-MarawilaClockTower(7.20pm)  20 වනදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව 20 වනදා සිට
1 කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල මේ වනවිට ක්‍රියාත්මක වන  ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා උදේ 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ. ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

2. මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කෙරේ. මේ දිස්ත්‍රික්ක 03ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා සිට සෑම දිනකම උදේ 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.

3. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00 ට ඉවත්කොට රාත්‍රී
8.00ට යළි ක්‍රියාත්මක කෙරේ. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ වනුයේ,
 කොළඹ දිස්ත්‍රික්කයට අයත් : කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල
 ගම්පහ දිස්ත්‍රික්කයට අයත් : ජාඇල, කොච්චිකඩේ සහ සීදුව,
 පුත්තලම දිස්ත්‍රික්කයට අයත් : පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව සහ
 කළුතර දිස්ත්‍රික්කයට අයත් :බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම,
4. මේ අනුව කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, ජාඇල, කොච්චිකඩේ, සීදුව, පුත්තලම, මාරවිල, වෙන්නප්පුව, බණ්ඩාරගම, පයාගල, බේරුවල, අළුත්ගම, වරකාපොළ, අකුරණ, අලවතුගොඩ සහ අක්කරෙයිපත්තු යන පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් තොරව දිගටම ක්‍රියාත්මකව පවතී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article