පුත්තලම දිස්ත්‍රික් “රතු තරුව” සහනසේවා බලකායේ මැදිහත්වීමෙන් පල්ලම නගරයත් ඒ ආශ්රිත ස්ථාන රැසක් විශබීජ හරණයට ලක්කිරීමත් ආරක්ෂිත මුහුණු ආවර්ණ පරිත්‍යාග කිරීමත් අද දින(04/15) පල්ලම නගරයේදි සිදුකෙරින. විශබීජ හරණයට ලක්කර ස්ථාන අතරට පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පල්ලම පොලිස්ථානය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ,සංස්කෘතික මධ්‍යස්ථානය, මහජන පොල, තැපැල් කාර්යාලය, ලංකා බැංකු පරිශ්‍රය, පල්ලම නගරය, සේරුකැලේ ගොවිජන සේවා මධ්‍යස්ථානය සහ තැපැල් කාර්යාලය අාදී ස්ථාන ගණනාවක් ඊට ඇතුලත් විය. ඊට අමතර ඉහත අායතන සඳහා මුහුණු ආවරණ පිරිණැමීමක්ද සිදුකළහ. මෙම අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණේ ආනමඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී එ්.එච්.එම් . පියසේන මහතා පල්ලම පොලීස්ථානාධිපතිවරයා, පල්ලම ග්‍රාමනිළධාරී මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.