Saturday, November 23, 2024

දුම්රිය මාර්ග පද්ධතිය යොදාගෙන එළවළු ප්‍රවාහනය අරඹන්න – නාමල් කරුණාරත්න යෝජනා කරයි

Must read

පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා හැර දුම්රිය ප්‍රවාහන මුළුමනින්ම නවතා දමා ඇති බැවින් එම දුම්රිය මාර්ග පද්ධතිය යොදාගෙන එළවළු ප්‍රවාහනය කිරීම ආරම්භ කරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ආණ්ඩුවට යෝජනා කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (07) පස්වරුවේ සිට දඹුල්ලට එළවළු රැගෙන ආ ජනතාවට සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටියදී මාධ්‍ය අමතමිණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද දින සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළද එම තීරණය ප්‍රකාශයට පත් කරන විටත් එළවළු රැගෙන පැමිණෙමින් සිටි ගොවිජනතාවට, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගේ මැදිහත්වීම මත අද දින යම් සහනයක් ලබාගැනීමටද හැකි වී තිබේ.

ගොවි ජනතාව ඊයේ පස්වරුවේ සිට දඹුල්ලට පැමිණෙමින් සිටි නමුත් දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට ආණ්ඩුව ගත් තීරණය නිසා එම ගොවීන්ට තම අස්වනු දඹුල්ල දක්වා ප්‍රවාහනය කිරීමට ආරක්ෂක අංශ ඉඩ ලබාදි නැත.

මේ තත්වය හමුවේ ගොවි ජනතාව විශාල පිරිසක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාට දුරකථන ඇමතුම් ලබාදෙමින් තමන් මුහුණපා ඇති තත්වය පැහැදිලි කර තිබේ. ඒ අනුව මෙම ගොවි ජනතාවට යම් සහනයක් හිමිවිය යුතු බැවින් ඊයේ සවස සිට මේ සඳහා මැදිහත්වීමට නාමල් කරුණාරත්න මහතා කටයුතු කර ඇත. රැය පහන් වනතුරුම නිදිවර්ජිතව මේ සම්බන්ධයෙන් මැදිහත්වෙමින් කටයුතු කර ඇති නාමල් කරුණාරත්න මහතා අවස්ථා ගණනාවකදී බැසිල් රාජපක්ෂ මහතාත් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් දුරකථනයෙන් සම්බන්ධකර ගනිමින් මෙම ගොවීන්ට අඩුම තරමේ දඹුල්ල නගරයේ සිට හෝ තමන් ගෙනා එළවළු අළෙවිකර ගැනීමට සහනයක් ලබාගැනීමට කටයුතු කර තිබේ.

ඒ අනුව අද දින දඹුල්ලට පැමිණි ගොවිජනතාවට තමන් රැගෙන ආ එළවළු අලෙවිකර ගැනීමට හැකියාව ලැබී තිබේ.

මෙහිදී මාධ්‍ය ඇමතූ නාමල් කරුණාරත්න මහතා පැවසූවේ ගොවි ජනතාව සතු එළවළු පාරිභෝගිකයා අතටම ලැබෙන ආකාරයේ යාන්ත්‍රණයක් රජය විසින් සකස් කළ යුතු බවත්, එම යාන්ත්‍රණයට සහාය දීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයද සූදානම් බවත් ය.

මෙහිදී විශාල වශයෙන් ලොරි රථ ආර්ථික මධ්‍යස්ථාන වෙත සේන්දුවීම වැළැක්වීම සඳහා දුම්රිය මාර්ග පද්ධතිය යොදාගෙන එළවළු ප්‍රවාහණය ආරම්භ කල යුතු බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා…

lankatruth.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article