(7.39pm) රටතුළ පවතින ඇඳිරි නීතිය තත්ත්වය මත පුත්තලම් දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රෙද්ශ වල ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය වල අවශ්‍යතාවය ප්රමුඛ වී ඇති බව ආරච්චිකට්ටුව ප්‍රාෙද්ශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පවසයි. මේ වනවිට දිස්ත්‍රික්කයේ ජනතාව බෙහෙත් නොමැතිකමින්හා සායන වලට යාමට නොහැකිව පීඩා විදින තත්ත්වයක් උදාවී ඇත. කුරුණෑගල ,මීගමුව ,කොළඹ රෝහල් වෙත සායන සඳහා සහභාගී වන වකුගඩු රෝගීන් හා පිලිකා රෝගීන් මේ මොහොතේ ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව තිබේ. ඔවුන්ට අවශ්‍ය මූලික බෙහෙත් නොමැතිකම මෙන්ම පරීක්ෂාවන් , කරගත නොහැකි අවධානමකට පත්ව තිබේ. එමෙන්ම රුධිර කාන්දුකරණය (Dialysis) සිදුකරගතයුතු වකුගඩු රෝගීන් ඔවුන්ට නියමිත දින වලට අදාළ රෝහල් වලට යාමට නොහැකි තත්ත්වයකට මුහුණ පා ඇති බව ගම්වල ජනතාවගෙන් වාර්තා වන බව මන්ත්‍රිවරයා පවසයි. ගම්වල ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් වී ඇති මෙම ගැටළුවට වහාම විසදුමක් අවශ්‍ය බවත් මේ පිළිබඳව රජය යම් පියවරක් ගතයුතව ඇති බවට ඔහු අවධාරණය කරයි.
පසුගියදා ආරච්චිකට්ටුව ප්‍රා. සභාව විසින් මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති රුපියල් ලක්ෂයක අරමුදල සහනාධාර ලබාදීම සදහා 50000 ක් බැගින් කෙටස් දෙකකට ලබාදීමට තීරණය කර ඇති අතර ඒ මගින් දිළිදු ජනතාව වෙත අත්‍යඅවශ්‍ය බඩු මල්ලක් සැපයීමට හැකිව තිබේ.