Saturday, November 23, 2024

නිරෝධායනයට රැගෙන ආ කවයන්කුලම ගමේ 10 දෙනෙකුට කොරෝනා අසාධිතයි

Must read

8
පුත්තලම සහීරා විදයාලය

පසුගියදා කවයන්ගුලම ගම්මානයේ  කොවිඩ් 19 වෛරසය ආසාධානය වී ඇති බවට හදුනා ගත් පුත්තලම සහිරා ජාතික පාසලේ පවත්වා ගෙන යන නීරෝධායන මධ්‍යස්ථානයේ සිටි 10 දෙනෙකුව 31 වැනිදා රාත්‍රී 12.10 ට පමණ කොළඹ අයි.ඩී.එච්.රෝහල කරා රැගෙන ගොස් ඇත.

මෙසේ රැගෙන ගිය අය අතර වයස අවුරුදු 2 ½ ක ගැහැණු දරුවෙකුද වේ. එමෙන්ම කොවිඩ් වෛසරය ආසාධිත වී ඇති බවට හදුනා ගෙන තිබූ පුත්තලම  – කවයන්කුලම ගම්මානයේ පදිංචිවී සිටි අය සමග ඉන්දුනීසියාට ගොස් මෙරටට පැමිණි බව කියන 03 දෙනෙකුද ඒ අතර වන බව පොලීසිය කියයි. එසේ පැමිණ අයෙකුගේ බිරිදක්ද අයි.ඩී.එච්.රෝහලට රැගෙන ගිය පිරිස අතර වේ.සෙසු පිරිස ඔවුන්ගේ සමීපතයින් සහ ඥාතීන් බවට හදුනා ගෙන ඇත.

ව්‍යාපාරික කටයුත්තක් සදහා ඉන්දුනීසියාවට ගිය බව කියන 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය මස 19 වැනිදා මෙරටට පැමිණ ඇත.ඒ අතර සිටි බව කියන පුත්තලම – කවයන්කුලම ගම්මානයේ පදිංචිකරුවෙකු රෝගී තත්ත්වයෙන් පසුගිය 27 වැනිදා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. එම අය කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් පරීක්ෂණ කටයුතු සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහල වෙත එදිනම මාරු කර යවා ඇත. 28 වැනිදා තහවුරු වී ඇත්තේ එම අයට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බවය.ඒ අනුව ඔහුව කොළඹ අයි.ඩී.එච්.රෝහලට මාරු කර යවා ඇතග
ඒ සමගම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිලධාරීන් කඩිනමින් කවයන්කුලම ගම්මානය විජබීජහාණුකරණය කිරීම ආරම්භ කරන ලදි.එම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමන ලද අතර එහි සිටි පුද්ගලයින් 67 දෙනෙකු පුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටුවන ලද නීරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.

සහිරා ජාතික පාසලේ නීරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතරින් සැකකටයුතු 20 දෙනෙකුගේ රුධිර සහ සෙම සාම්පල පසුගිය 31 වැනිදා කුරුණෑගල ශීක්ෂණ රෝහලේදී පරීක්ෂාවට ලක් කර ඇත.ඒ අතරින් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බවට එහිදී තහවුරු වී ඇත.ඒ අනුව එම පිරිස නීරෝධායන මධ්‍යස්ථානය තුළම වෙන් කර තැබීමට සෞඛ්‍ය සහ ආරක්ෂ අංශ නිලධාරීන් කටයුතු කරන ලදි.

එසේ වෙන් කර තැබූ පිරිස විශේෂ ආරක්ෂාවක් යටතේ පසුගිය 31 වැනිදා කොළඹ අයි.ඩී.එච්.රෝහල කරා රැගෙන යන ලදි


ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article