ඇදිරි නීතියත් සමඟ පසුවූ සති කීපය තුළ වෙන්නප්පුව ප්‍රෙද්ශයේ ජනතාවට සේවයක් සැලසීම පිණිස සතොස හරහා ලොරි මගින් බෙදාහැර තිබූ බඩු වලට අමතරව මේ වන විට වෙනත් එලවළු හා මාලු හෝ අත්යඅවශය ද්‍රව්‍ය අළෙවිකළ ව්‍යාපාරික වාහන සැම ගමකටම ගමන් නොකරන ජනතාව පවසති. මෙම බඩු බෙදාහැරීම ප්‍රමිතියකින් යුතුව සාධාරණව සිදුවනවාද යන්න නිසි කළමණාකාරීත්වයක් තුළ සිදුවිය යුතු බව ප්‍රෙද්ශවාසීන් පවසයි. මෙම බඩු අළෙවිකරන්නන් හිතූ හිතූ ලෙස පර්මිට් ලබාගෙන තමන්ට අවශ්‍ය මාර්ග තෝරාගෙන යන අතර මේ හේතුවෙන් තවත් පළාතකට බඩු නොලැබී ඇති තත්ත්වයන්ද වාර්තා වේ.
අත්‍යඅවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවි කරන වාහන වලට පර්මිට් ලබාදීමේදී ඒ සදහා යම් ක්‍රමවේදයක් අනුගමනය කරනවා නම් වඩා හොද බව මේ සම්බන්ධයෙන් නීරික්ෂනය කරන පිරිස් පවසයි. බඩු බෙදාහරින පුදගලයන්ට නිශ්චිත කොට්ඨාශයකට පමණක් සීමා කර සියලු ග්‍රාමසේවා කොට්ඨාශ ආවරණය වන පරිදි බඩු බෙදාහැරීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවයි ඔවුන් පවසන්නේ. පසුගිය දිනවල මෙම පර්මිට් ලබාදිමද නීත්‍යානුකූලව සිදුවී දැයි යන ප්රශ්නය ද මතුවන අතර දේශපාලන සම්බන්ධකම් මත ප්‍රාෙද්ශීය සභාවේ ලියුම් පමණක් රැගෙන ග්‍රාමසේවා නිලධාරීන් වෙත පැමිනි පිරිස් ගැනද පැමිණිලි වාර්තා වේ. එමෙන්ම මේ වන තෙක් මෙම බඩු බෙදාහරින ක්‍රමවේදය සහ අළෙවිකරුවන් පිලිබදව වෙන්නප්පුව ප්‍රෙද්ශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර පවා දැනුවත්භාවයක් නොමැති බවත් ඒ සදහා වූ විධිමක් සම්බන්ධීකරණයක් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් අතර සිදුවී නැති බවද වාර්තා වේ.
ජසින්තා නිර්මලී