ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවේ නාවුක හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරයෙකුව රුපියල් ලක්ෂ 05 ක් වන ශරීර ඇප මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු මංජුල රත්නායක මහතා 30 වැනිදා නියෝග කළේය.
දිසා විනිසුරුවරයා විසින් ඇප මත මුදා හරින ලද්දේ හලාවත – කරුකුපනේ පදිංචිකරුවෙකුවය.ඔහු ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ කරුකුපනේ කොට්ඨාසය නියෝජනය කරන අයෙකි.
ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවේ කරුකුපනේ ගම්මානයේ නිවසක රැස්වී සිටි පිරිසකට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ජංගම මුර සංචාරයේ නිරතව සිටි නාවුක හමුදාවේ සෙබළුන් දැණුම් දී ඇත.සැකකාර මන්ත්රීවරයා එම අවස්ථාවේදී නාවුක හමුදාවේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කටයුතු කර ඇත.පසුව නාවුක හමුදාව විසින් සිදු කරන ලද දැණුම් දීමක් මත පැමිණ ඇති ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
ජුඩ් සමන්ත.